Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මාෂාටයි ඉසුරුටයි දුව හරිම බයයි, මම ඉන්න තැනත් දුවට කරදර කළා" අමාලි මරාගත් ඉසුරු සහ මාෂා අමාලිට රැග් කළ හැටි!

57497Views

සබරගමුව විශ්ව විද්‍යාලයේදි ලබා දුන් නවකවදය නිසා ඇතිවූ පීඩනය දරාගත නොහැකිව සියදිවි නසා ගත් අමාලි චතුරිකා පිළිබද පුවත නෙත් ගොසිප් මින්පෙර හෙළිකළෙමු. පන්නිපිටියේ මාඉඹුල්ගොඩ පදිංචිව සිටි එස්. එච්. අමාලි චතුරිකා 2015 වසරේ පෙබරවාරි 16 වැනිදා තම නිවසේ බාල්කයක එල්ලී සිය දිවි නසා ගත්තේය.

අමාලි අවසන් වරට ලියූ ලිපි වලට අනුව ඇයට සියදිවි නසා ගැනීමට තරම් පීඩනයක් ලබා දුන්නේ නවකවදයයි. අමාලි ඉලක්ක කර ගනිමින් දැඩි නවකවදයක් ලබා දී ඇත්තේ සබරගමුව සරසවියේ එවකට ශිෂ්‍යාවන් වූ මාෂා අතුකෝරාළ සහ ඉසුරු නිවර්තනා අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනාය.

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක් වුවද විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පළමු වසරේදීම වාර පරීක්‍ෂණවලින් අසමත් වූවාය. එහෙත් ඇයට නවක වධය දී ඇය ලිංගික හිංසනයට ලක් කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු නිවර්තනා අකරවිට යන දාමරික ශිෂ්‍යාවන් දෙදෙනා සියලූ විභාග සමත් වූහ. අමාලිට ලිංගික වද හිංසා ඇතුලු පීඩනය ලබා දුන් මාෂා අතුකෝරාළද කොළඹ දේවි බාලිකා විද්‍යාලයේම ශිෂ්‍යාවකි. ඉසුරු නිවර්ථනා අකරවිටද කොළඹ ප්‍රදේශයේ ශිෂ්‍යාවකි. දැන් මාෂා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතයක් ගත කරමින් සිටියි. අමාලි ජීවතුන් අතරද නැත.

සියදිවි නසාගත් අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට "මාෂා" සහ "ඉසුරු" යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබෙන බව සදහන්. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ.

අමාලි චතුරිකාගේ මව සදහන් කරන පරිදි මාෂා අතුකෝරාළ සහ ඉසුරු නිවර්තනා අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා මව සමග සිටින විට පවා අමාලි චතුරිකාට හිරිහැර කර තිබෙන බවයි. 

‘‘මාෂාටයි ඉසුරුටයි මගේ දුව හරිම බයයි. දවසක් මට දුව මාෂාව පෙන්නුවා. හැබැයි එයා දිහා හැරිලා බලන්න එපා කිව්වා. මාෂා දේවි බාලිකාවෙම ළමයෙක්. දවසක් අපි බස් එකේ යනකොට පිටිපස්ස සීට් එකේ මාෂායි ඉසුරුයි ඉන්නවා, අම්ම බලන්න එපා කියලත් දුව මට කිව්වා. මම හිටියෙ බස් එකේ ජනේලය පැත්තෙ. දුව හිටියේ දකුණු පැත්තේ. මාෂායි ඉසුරුයි බහින්න යනකොට එයින් එක්කෙනෙක් වුවමනාවෙන්ම දුවගෙ ඇඟට කඩා වැටුණ. මම ඒකට විරුද්ධව කතා කරන්න හදනකොට දුව බයටම විරුද්ධ වුණා. අනිත් ළමය බහින ගමන් දුවට අතින් ඇනගෙන ගියා. දුව කිව්වා එයා තමයි ඉසුරු කියන්නෙ කියලා. අපේ දුවගෙ තාත්තා නැහැ. මේ ළමයි දෙන්නා හැම වෙලාවෙම දුවගෙන් අහලා තියෙනවා උඹේ තාත්තා නැති වුණේ කොහොමද කියලා. මගේ දුව CIMA කළා. උඹට එච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද කියලත් ඒ ළමයි හැම තිස්සෙම අහල තියෙනවා. දුවව කැන්ටිමේ පැත්තකට එක්ක ගිහින් තිත්ත කුණුහරුප කියන පිරිමි ළමයි දෙන්නෙකුත් සබරගමු කැම්පස් එකේ ඉඳලා තියෙනවා. ලැප් ටොප් වලින් නිල් චිත‍්‍රපට දුවට පෙන්නලා තියෙනවා." යනුවෙන් අමාලිගේ මව මාධ්‍යයට පවසයි.
 
අමාලි චතුරිකා සිය දිවි නසා ගැනීමෙන් පසු සබරගමු සරසවියේ එවකට සිටි උපකුලපති වූ මහාචාර්ය චන්දන උඩවත්ත අමාලිට මරු කැඳවූ මාෂා අතුකෝරළ සහ ඉසුරු නිවර්ථනා අකරවිට ඇතුළු නවකවදකයන් ආරක්ෂා කළ බවද කියවේ.

සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය. සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු නිවර්තනා අකරවිට ය

කෙසේ වෙතත් සියලුම දේ පැහැදිලිව තිබියදීත් තවමත් මාෂා අතුකෝරාළට හෝ ඉසුරු නිවර්තනා අකරවිටට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවකි.

මිය ගිය අමාලි


 

YOU MAY ALSO LIKE