Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පොලිස් නිළධාරීන් නිසා ඔබ අපහසුතාවයට පත්වනවානම් බය නැතිව වීඩියෝ කරන්න - බලපෑම් කළොත් මේ වීඩියෝව පෙන්නන්න (VIDEO)

51953Views

මහජන ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පොලිසියේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් නිසා මහජනතාව අපහසුතාවයට පත්වන අවස්ථාද අපට නිතර අසන්නට ලැබෙනවා. විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජජාලා වෙබ් අඩවි හරහා එවැනි සිදුවීම් සමාජයේ කතාබහට ලක්වන්නට ගතවන්නේ ඉතා සුළු කාලයක්. එසේම පොලිසිය විසින් රියදුරන්ට බොරු වැරදි පෙන්වා නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථා රැසක වීඩියෝ දර්ශනද පසුගිය කාලයේදී සමාජ ජාලා හරහා හුවමාරු වුනා.

එවැනි අවස්ථාවන් වීඩියෝ කිරීමට බොහෝදෙනා බියක් දැක්වූවද පොලිස් නිළධාරීන්ගෙන්  තමන්ට යම් අගතිසහගත ක්‍රියාවක් සිදුකරන්නේනම් එය පටිගත කර තමන්වෙත එවන ලෙස රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා. ඒ අනුව එලෙස ලබා ගන්නා වීඩියෝ දර්ශන dig.traffic@police.lk වෙත යොමුකරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කරන්නේ.

යම් අවස්ථාවකදී ඔබ එවැනි අවස්ථාවකට මුහුණ දී එම සිදුවීම වීඩියෝගත කිරීමේදී යම් බලපෑමක් එල්ලවුවහොත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය ඔබට වැදගත් වනු ඇත. එම නිසා මෙම වීඩියෝව Download කර ඔබ සතුව තබාගත හැකිනම් එය ඔබට ප්‍රයෝජනවත් වනු ඇති.

 

YOU MAY ALSO LIKE