Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දුම්වැටි අලෙවිය බලන් ඉද්දි අඩුවෙයි..ආණ්ඩුවට කෝටි 1800ක දැවැන්ත පාඩුවක් - ඇමති මංගලගෙන් රාජිතට දොස් මුරයක්..!

23208Views

දුම්වැටි අලෙවිය අඩුවීමෙන් බදු ආදායමද රුපියල් කෝටි 1800කින්  (රුපියල් බිලියන 18) පමණ අඩුවී ඇතැයි වාර්තාවේ.මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (11) පැවැති කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

සිගරට් තනි තනි වශයෙන් අලෙවි කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට විරෝධය පලකරමින් අදහස් දක්වමින් සමරවීර මහතා මේ බව සඳහන් කර ඇත.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දුම්වැටි සඳහා දිගින් දිගටම බදු පැනවීම නිසා දුම්වැටි අලෙවි විශාල වශයෙන් අඩුව ඇති බවයි.එම නිසා  බදු අදායමට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබාගන්නා තෙක් කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම පසුවට කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ද දැන ගන්නට තිබේ.