Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමෙන්තුව අලුත් වැඩකට සූදානම් වෙයි !

17511Views

ජාතික හැඳුනුම්පතට රියදුරු බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කර භාවිතා කළ හැකි ක්‍රමයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමෙන්තුවේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි.

මීට අමතරව රියදුරු පුහුණුව ලබාදෙන ආයතන නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙන බවද  මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි

නිසි ප්‍රමිතියකින් යුතු රියදුරන් බිහිකර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

YOU MAY ALSO LIKE