Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපති මෛත්‍රී ඇමති ෆොන්සේකාගේ පලු අරී..‘‘ හමුදා ප්‍රධානින් නිකරුණේ අත්අඩංගුවට ගන්නත් එපා‘‘ - විශේෂ කැබිනට් රැස්වීමේදී ජනපති කියු කතාව මෙන්න!

23716Views

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) දහවල් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබූ අතර අගමැතිවරයාත් රටේ නොමැති වෙලාවක් මෙසේ කැබිනට් මණ්ඩළය කැඳවීඹ කාගෙත් අවධානයට යොමුවිය.

ජනාධිපති කාර්යාලයේදී ඊයේ දහවල් 12.45ට පමණ ආරම්භ වූ විශේෂ කැබිනට් රැසවීම පැයකට අධික කාලයක් පැවැති තිබේ.

 මෙහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් ඇමිතවරුන් මාධ්‍යට සඳහන් නොකළ අතර කරුණු මාධ්‍යවලට නොකීමට ඇමැති මණ්ඩලයේදී එකඟත්වයක් ද ඇතිවූ බව වාර්තාවේ.

කෙසේ වෙතත් කොළඹ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකදී තරුණයන් 8 දෙනකු ඇතුළු පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මෙතෙක් සිදුකර ඇති පරීක්‍ෂණවලදී දැනට වැරැදිකරුවන් බවට පත්ව සිටින පුද්ගලයන්ට එරෙහිව වහාම නඩු පැවරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (13 වැනිදා* පැවැති විශේෂ කැබිනට් හමුවේදී උපදෙස් දී ඇති බව වාර්තාවේ.

විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින හමුදා නිලධාරීන් අතරින් වැරැදිකරුවන් වේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පවරන ලෙසත්, නිරපරාදේ ඔවුන් රඳවාගෙන නොසිටින ලෙසත් ජනාධිපතිවරයා එම කැබිනට්‌ මණ්‌ඩල හමුවේදී අවධාරණය කර ඇති බවද විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හමුදා නිලධාරීන් මෙසේ රඳවාගෙන සිටීමෙන් සිදු වෙන්නේ ඔවුන් අපහසුතාවට හා පීඩාවට පත් කිරීමක්‌ බවත්, එවැනි දේවල් මින් ඉදිරියට නොවන ලෙස වගබලා ගත යුතු බවත් ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට මෙහිදී පවසා ඇත. 

තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා උසස්‌ හමුදා නිලධාරීන් විවේචනය කරමින් කරන ප්‍රකාශ තමන් දැඩි ලෙස හෙළාදකින බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් ලෙසත්, කැබිනට්‌ ඇමැතිවරයකු ලෙසටත් ෆොන්සේකා මහතා කරන එවැනි ප්‍රකාශ වැරැදි බවට ජනාධිපතිවරයා පැවසීමෙන් පසුව කැබිනට්‌ මණ්‌ඩලයේ ඇමැතිවරුන්ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුමත කරමින් ඇමැති ෆොන්සේකා මහතාගේ එම ක්‍රියා කලාපය වැරැදි බව අනුමත කර ඇත.

YOU MAY ALSO LIKE