Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කොල්ලුපිටියේ තරු හෝටලයක සුපිරි මසාජ් ක්ලිනික් එකක් - මසාජ් එකට ලක්ෂ 02යි - හොර රහසෙම ආ සුරූපි තායි තරුණියෝ 14ක් කොටුවූ හැටි

17382Views

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක සම්බාහන කටයුතුවල නිරතව සිටි තායිලන්ත තරුණියන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
 
 අත්අඩංගුවට ගත් මෙම තරුණියන් බොහෝ දෙනෙක්‌ සංචාරක වීසා වලින් මෙරටට පැමිණි අය බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක විමර්ශන එම්. ජී. වී. කාරියවසම් මහතා පවසයි.
 
 අත්අඩංගුවට ගත් මෙම තරුණියන් අවුරුදු 20 සිට 45 දක්‌වා වයස්‌ කාණ්‌ඩවල වන අතර කොල්ලුපිටිය ප්‍රසිද්ධ හෝටලයක නතර වී සිට සම්බාහන කටයුතුවල නිරතවන අතර මොවුන් සම්බාහන කටයුත්තක්‌ සඳහා රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ අයකරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පවසයි.
 
 අත්අඩංගුවට ගත් තායි තරුණියන් 14 දෙනා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන කඳවුරේ රඳවා තිබෙන අතර ඔවුන් රටින් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
 
 ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතාගේ උපදෙස්‌ මත වීසා හා පත්‍යන්ත පාලක චාමින්ද හෙට්‌ටිආරච්චි මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පාලක විමර්ශන එම්. ජී. වී. කාරියවසම් මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකොට ඇත.