Tuesday, October 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රි ලංකා ක්‍රිකට් කළමණාකාරු ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලයි - ‘‘මේ කලකිරීම ගැන කියන්න වචන නෑ..කවදාවත් මේ වගේ දැනිලා නෑ‘‘

28673Views

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු චරිත් සේනානායක මහතා සියලු ශ්‍රීලාංකේය ක්‍රිකට් රසිකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්වූ අතර මේ වන විට එය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

කෙසේ වෙතත් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පලකරමින් සමාව ඉල්ලා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරවරයා පවසන්නේ මෙවැනි අමිහිරි හැඟීමක් කිසිදාක නොදැනී ඇති බවයි.

. අබුඩාබිවලින් පැමිණීම අමිහිරි මෙන්ම සත්තකින්ම වේදනාකාරීයි. කලකිරීම ගැන කියන්න වචන නෑ. නිවසට පැමිණීම මහත් වේදනාකාරීයි.

ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඩුබායි වලදී හා අබුඩාබිවලදී අපිට සහාය දැක්වූ සහෝදර සහෝදරියන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහ, ඉච්ඡාභංගය දැනෙනවා. අපිට සමාවෙන්න.

බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානව හොඳින් ක්‍රීඩා කළා. අපිට උපරිමය දෙන්න බැරිවුණා. එංගලන්ත තරගාවලියට හොඳින් එන්න බලාපොරොත්තුවෙනවා. මම දන්නේ නෑ.”


 

YOU MAY ALSO LIKE