Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"කොටි ඩයස්පෝරාව පැන දුවයි" රණවිරුවන් රැක ගන්න ජිනීවා ගිය අපේ වියත්තු ඩයස්පෝරාවට රිදෙන්න දෙයි - නිරුත්තර වූ කොටි හිතවාදීන් පැන දිවූ හැටි!

11542Views

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී කලක පටන් ශ්‍රී ලංකාව අසාධාරණයට ලක්විය. ඒ ඩයස්පෝරාව සහ කොටි හිතවාදීන් මානව හිමිකම් සමුලුවේදී ශ්‍රී ලංකාවට සහ අපගේ රණවිරුවන්ට ජාත්‍යන්තරය ඉදිරියේ චෝදනා කිරීම හේතුවෙනි.

එම නිසාම විදෙස්ගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකාවේ වියතුන් පිරිසක් එක්ව ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය ඇරඹුවේය. ඒ ජාත්‍යන්තරය ඉදිරියේ මවුබිම සහ රණවිරුවන් වෙනුවෙන් පෙනි සිටීමටය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම වියතුන් කිහිපදෙනෙක්ද මෙම සංවිධානය නියෝජනය කරන අතර ඔවුන් මෙම සත්ක්‍රියාව රජයේ කිසිදු අනුග්‍රහයක් නොමැතිව සිය පෞද්ගලික ධනය වැය කරමින් මවුබිම වෙනුවෙන් සිදු කරයි. මේ සංවිධානයට මහාචාර්ය චන්න ජයසුමන වැනි වියතුන්ද සම්බන්ධ වී සිටියි. පසුගිය වසරේ මෙම සංවිධානය සමග ජිනීවා ගොස් කොටි ඩයස්පෝරාව අසරණ කළේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇතුලු පිරිසකි. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකි.

මෙවරද ජීනිවා මානව හිමිකම් සමුලුවට සහභාගී වූ ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදයේ වියතුන් කොටි ඩයස්පෝරාව අන්ත අසරණ කළේය. මෙම සංවිධානයේ දේශප්‍රේමී වියතුන් හමුවේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා පසුගියදා බරපතළ අසීරුතාවකට මුහුණ පෑවාය.
 
ඒ ඉන්දීය සාම හමුදාව යාපනය මහ රෝහලට ප්‍රහාර එල්ල කිරීම ගැනත් වැල්වැටිතුරේ ගම්මානයම එම්. අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් මගින් වැනසූ බව ඔබ දන්නේදැයි හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරි ජනෙත් විමල ඇගෙන් ප්‍රශ්න කිරීම නිසාය.
 
නුඹ ඇයි එම ප්‍රහාර යුද අපරාධ ලෙස හඳුන්වන්නේ නැත්තේ යෑයි ජනෙත් විමල කෑගසා විමසූ විට ඇය නිහඬ වූවාය. එහෙත් විමලගේ ප්‍රශ්නයට නිහඬ වූ සූකා ඊට ප්‍රතිචාර දැක්‌වීම මුලතිව් සිට පැමිණි ද්‍රවිඩ කාන්තාවකට පැවරුවාය.
 
ඉන්දීය සාම හමුදාවට එරෙහිව කිසිදු ප්‍රකාශයක්‌ කිරීමට යස්‌මින් සුකා මැලිවිය. ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් හතළිස්‌ දහසක්‌ ඝාතනය කළ බවට චෝදනා එල්ල කළේ යසමින් සුකායි.

මේ අතර ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදයේ වියතුන් ඉදිරියේ තවත් කොටි හිතවාදී මහාචාර්යවරයෙක් සභාවෙන් පැන දිව්වේය.  සමුලුවකදී මවුබිම වෙනුවෙන් මහා බ්‍රිතාන්‍යයයේ සිට පැමිණි ඉන්දික ගුණසේකර සහ කැනඩාවේ සිට පැමිණි ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි මුලික අදහස් දැක්වීම සිදු කළේය.

මූලික ඉදිරිපත් කිරීම්වලින් පසු සංවාදය ඇරඹිණි. ප්‍රකට කොටි හිතවාදියකු ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික දැන් ප්‍රංශයේ පදිංචිව සිටින ඩේවිඩ් වේලි දිගින් දිගටම ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීය. ඔහු දීර්ඝ කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල සේවය කළ අයෙකි. යුද අපරාධ චෝදනා අඩංගු දරුස්මාන් වාර්තාව සකස් කළ අයගෙන් එක් අයකු වූ යස්මින් සුකා එම රැස්වීම පැවති ගොඩනැගිල්ලේම ඉහල මාලයේ සිටින බවත් කරුණු බොරුනම් ඇයගෙන් ඇසිය හැකි බවත් වේලි පැවසීය.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ චන්න ජයසුමන මහතා සුකා සිටින්නේ මේ ගොඩනැගිල්ලේ ද වෙනත් ගොඩනැගිල්ලකද යන වග වැදගත් නැති බවත් ඔවුන් වාර්තාව පිළියෙළ කිරීමේදී අනුගමනය කළ ක්‍රියා මාර්ගය මෙන්ම වාර්තාව ද සාවද්‍ය බවත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් සේවය කරන සුකා මහත්මිය වැනි වැදගත් අයට චෝදනා නොකරන ලෙසත් මියන්මාරය සම්බන්ධයෙන්ද ඇය මේ වනවිට විමර්ශනයක් පවත්වන බවත් වේලි මහතා පැවසීය. මහාචාර්ය ජයසුමන මහතා ඒ සමගම “සුකා ලංකාව ගැනත් මියන්මාරය ගැනත් මෙතරම් උනන්දු අන් හේතුවක් නිසා නොව දෙරටම ථෙරවාද බෞද්ධ රටවල් නිසා” බව පැවසීය.

තත්වය අවාසිදායක බව තේරුම්ගත් ඩේවිඩ් වේලි තමන්ට වෙනත් කටයුත්තක් ඇතැයි පවසමින් ශාලාවෙන් පිටව ගියේ තව දුරටත් රැදී සිටින ලෙස ශ්‍රී ලාංකික නියෝජිත පිරිස කළ ඉල්ලීමද නොසලකා හරිමිනි.

බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබූ බුද්ධප්‍රිය ස්වාමීන්වහන්සේ ද ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ශාලාවේ රැදී සිටියහ. ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු පිරිස විශේෂ අතුරු සැසිය කැඳවීය.

YOU MAY ALSO LIKE