Tuesday, October 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තිලංග සුමතිපාලගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට දොස් මුරයක් - ‘‘හරි නම් ඇෆ්ගනිස්ථානය දිනුවට සතුටු වෙන්න ඕන...ආසියානු රටක් උඩට ආවම කෙනෙහිලිකම් කරන්න ඕනද‘‘ (VIDEO)

14604Views

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය.

එහිදී  තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර ෆයිසර් මුස්තාපා ෂෙහාන් සේමසිංහ යන මැති ඇමතිවරුන් අදහස් දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහන් කළේ ඇෆ්ගනිස්ථනය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සන්තෝස විය යුතු බවත්  ආසියානු රටක් ඉදිරියට ආ විට කෙනෙහිලිකම් නොකළ යුතු බවත්ය.

‘අපි සන්තෝස වෙන්න ඕන ඇෆ්ගනිස්ථානය උඩට ආවට .පරාජයට අපට කණගාටුයි.හැබැයි අපේ සහෝදර ආසියානු රටක්  උඩට ගියාම අපි ඒක කෙනෙහිලිකම් කරන්න ඕනද‘ යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙම විවිදායට එක්වූ ක්‍රිඩා අමාතා්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කලේ ක්‍රීඩවේදී ජය පරාජය දෙකම භාරගත යුතු බවයි. ක්‍රීඩකයන්ගේ මානිසකත්වය ගැන සිතිය යුතු බවත් ෆේස්බුක් එකේ ක්‍රීඩකයන්ව හංවඩු ගැසීම නෙකළ යුතු බවත් ඔහු එහිදී සඳහන් කළේය.

 

 

 

YOU MAY ALSO LIKE