Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ජනාධිපති මෛත්‍රී සහ ගෝඨා ඝාතන කුමන්ත‍්‍රණය පසුපස අගමැති රනිල්" සාගලටත් චෝදනා, මන්ත්‍රීවරු හෙළිකරයි!

12976Views

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කුමන්ත්‍රණය පසුගිය සමයේ දැඩි ලෙස කතාබහට ලක්වුනා. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් 2020 ජනපතිවරණය ඉලක්ක කරමින් මෙම ඝාතන කුමන්ත්‍රණය සිදු කරමින් සිටි බවට චෝදනා එල්ල විය.

මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණය පසුපස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටීමත් ඉතාම පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මෙම සිදුවීමේදී ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ඇමැති සාගල රත්නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරුණු ආකාරය දෙස බලද්දී අගමැති රනිල් විසින් සංවිධානය කරන කුමන්ත්‍රණයක් මේ පසුපස ඇති බව පැහැදිලිවම පෙනී යන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව සඳහා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව හා නාවික හමුදා සෙබළුන් යොදවමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. 
එම අවස්තාවේ වීඩියෝව පහතින්,
 

 

YOU MAY ALSO LIKE