Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මුදල් සොරකම් කර මිතුරන්ට මත්කුඩු සාද පැවැත්වූ පුද්ගලයාට වැඩ වරදී - සොරකමත් CCTV කැමරාවෙන් මාට්ටු

3981Views

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල පිහිටි ආපනශාලාවකින් රුපියල් එක්ලක්ෂ තිස්දහසක මුදලක් සොරකම් කර එම මුදලින් මිතුරන් වෙනුවෙන් මත්කුඩු සාදයක් සංවිධානය කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගියදා අදාල ආපන ශාලාවෙන් එම මුදල් සොරකම් කර ඉන් රුපියල්  40,000 ක මුදලක් වැය කර තම මිතුරන් වෙනුවෙන් මත්කුඩු සාදයක් පැවැත්වූ බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල ආපන ශාලාවෙන් මුදල් සොරකම් කරන ආකාරය ආපන ශාලාව ආසන්නයේ තිබූ CCTV කැමරා වලද සටහන් වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

එම තොරතුරු වලට අනුව සැකකරුගේ නිවසට ගොස් ප්‍රශ්න කිරීමේදී ඔහු ඒ බව අනාවරණය කර තිබෙනවා.

 


 

YOU MAY ALSO LIKE