Tuesday, October 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"රනිල් බලයට ගේන්න ජවිපෙ ගෙනාපු නව ව්‍යවස්තාවෙන් මහ නායක හිමියන් රවටලා" රටම රැවටුනු ජවිපෙ කතාවක ඇත්ත හෙළිවූ හැටි! (VIDEO)

8577Views

ජවිපෙ විසින් ගෙන ආ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.

මේ අතර මෙම ව්‍යවස්තා සංශෝධනය ගෙනෙමින් ජනතා විමුක්ති පෙරමුණ සිදු කළ වංචාවක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මාධ්‍යයට හෙළිකර සිටියා. ඒ ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්තාව සම්බන්ධයෙන් මල්වතු මහ නාහිමියන්ටද බොරු කියා රවටා සගවා සිදු කිරීමට නියමිතව තිබුනා යැයි කියන වංචාවකි.

එනම් නව ව්‍යවස්තාව සම්මත කර ගැනීමට ජනමත විචාරනයක් පවත්වන බවට ජනතා විමුක්ති පෙරමුණ මහ නායක හිමියන්ට සහ ජනතාවට පොරොන්දු වූවද ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ සදහන්ව තිබෙන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවෙන බවටයි.

මෙම වංචාව පිළිබද හෙළිකරමින් නීතිඥවරයා පවසන්නේ මෙම ව්‍යවස්තා සංශෝධනය ජවිපෙ විසින් ගෙන ආවේ ජනාධිපතිවරණයකින් ජයගත නොහැකි අගමැති රනිල් වික්‍රමසිංහට බලය ලබා දීමේ කොන්ත්‍රාත්තුවකට බවයි. එජාපය සහ දෙමළ සංධානය ජනතා විමුක්ති පෙරමුණට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙන බවත් ජවිපෙ යනු එජාපයේ බළල් අත බවත් නීතීඥවරයා මාධ්‍ය හමුවේදී පවසා සිටියා.

 

නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා අනුර කුමාර දිසානායක ඇතුලු ජවිපෙ මන්ත්‍රීන්ට කළ අභියෝගය,


 

YOU MAY ALSO LIKE