Wednesday, February 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"කොටි ඩයස්පෝරාවට ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිගෙන් භෝජන සංග්‍රහයක්, රට වෙනුවෙන් පෙනී සිටි දේශප්‍රේමීන්ට වතුර උගුරක් නෑ" ජිනීවා තානාපතිගේ කෙරුවාව! (VIDEO)

9800Views

කලක පටන් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී අසාධාරණයට ලක්වූ මවුබිම වෙනුවෙන් මානව හිමිකම් කොමිසමේදි පෙනි සිටි ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය පිළිබදව නෙත් ගොසිප් මින් පෙර වාර්තා කළා. කොටි ඩයස්පෝරාව සහ කොටි හිතවාදීන් මානව හිමිකම් සමුලුවේදී ශ්‍රී ලංකාවට සහ අපගේ රණවිරුවන්ට ජාත්‍යන්තරය ඉදිරියේ චෝදනා කිරීම නිරතුරුවම සිදු විය.

එම නිසාම විදෙස්ගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකාවේ වියතුන් පිරිසක් එක්ව ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය ඇරඹුවේය. ඒ ජාත්‍යන්තරය ඉදිරියේ මවුබිම සහ රණවිරුවන් වෙනුවෙන් පෙනි සිටීමටය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම වියතුන් කිහිපදෙනෙක්ද මෙම සංවිධානය නියෝජනය කරන අතර ඔවුන් මෙම සත්ක්‍රියාව රජයේ කිසිදු අනුග්‍රහයක් නොමැතිව සිය පෞද්ගලික ධනය වැය කරමින් මවුබිම වෙනුවෙන් සිදු කරයි. මෙම සංවිධානයේ වියතුන් මෙවර මානව හිමිකම් සමුලුවේදි කොටි ඩයස්පෝරාව මතවාදීව පරාජය කළ අතර මෙම දේශප්‍රේමී වියතුන්ගේ තර්ක සහ කරුණු දැක්විම් හමුවේ කොටි හිතවාදීන් පැන ගියේය.

මේ අතර ශ්‍රී ලංකා යුධ හමුදාවට සමුල ඝාතන චෝදනා නගමින් උද්ඝෝෂණ කළ කොටි ඩයස්පෝරාවේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති LA අසීස් රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇත. යම් රටක තානාපති යනු එම රටේ සිටිනා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයාය.

මේ කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා මානව හිමිකම් සැසිය තුල එල්ල කරද්දී ශ්‍රී ලංකා තානාපති නිලධාරීහු මුනිවත රැකි අතර එයට එරෙහිව නැගී සිටියේ ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදයේ වියතුන් පමණක් ය.

මේ අතර තානාපති නිළධාරීන් මෙලෙසට කොටි හිතවාදීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දෙද්දී මවුබිම වෙනුවෙන් සිය මුදල් වැය කරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදයේ වියතුන්ට වතුර වීදුරුවකින් හෝ සංග්‍රහ කිරීමට ශ්‍රී ලංකාවේ තානාපති නිළධාරීන් කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකා තානාපතිගේ මෙම ක්‍රියා කලාපය ගැන යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ සම්බන්ධයෙන් ජිනීවාහි අද පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජගත් දේශප්‍රේමී ලංකික සංවිධානයේ විධායක කමිටු සාමාජික දුෂාන්ති හපුගොඩ අදහස් දැක්වීය. රියර් අද්මිරාල් සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත කීර්තිරත්න ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට සහභාගී වූහ.