Saturday, June 6, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

පංති යන්න ඇවිත් කුරුනෑගල වැව රවුමේදී අශෝභන ලෙස හැසිරුණු තරුණ ජෝඩු 21 පොලීසියෙන් අල්ලයි

17414Views

අශෝභන ලෙස හැසිරුණු අවුරුදු 21 කට අඩු ලාබාල සිසු සිසුවියන් ජෝඩු 21 ක්‌ කුරුණෑගල වැව රවුමේ දී අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එස්‌. එම්. සී. පී. හේරත් මහතා පැවසීය.
 
 වයස අවුරුදු 21 ට අඩු අවුරුදු 15 ත් 17 ත් අතර වයස්‌ කාණ්‌ඩවල පසුවන සිසු සිසුවියන් උපකාරක පන්තිවලට සහභාගි වන මුවාවෙන් තම දෙමාපියන් රවටා කුරුණෑගල නගරයට පැමිණ කුරුණෑගල වැව රවුමේ පෙම්සුව විඳිමින් සිටියදී මෙසේ ජෝඩු විසි එකක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.
 
 මොවුන් මෙසේ පෙම්සුව විඳිමින් සිටියදී විවිධ අපචාරවලට ගොදුරුවීම වැළැක්‌වීමේ අරමුණෙන් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස්‌ මත කුරුණෑගල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ නිලධාරීන් විසින් පසුගියදා මෙම මෙහෙයුම සිදුකර ඇත.
 
 මෙදින පොලිස්‌ අත්අඩංගුවට ගත් ලාබාල ජෝඩු 21 ක්‌ දරුවන්ගේ දෙමාපියන් පොලිසියට කැඳවා ඔවුන් දැනුවත් කර භාරදීමටද සිදුවිණි.
 
 කුරුණෑගල වැව රවුමේ ගැවසෙන මහජනතාවගේ ආරක්‍ෂාව සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ දිවා රාත්‍රියේ සේවයේ යොදවා සිටින බවද ප්‍රධාන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැවසීය.