Monday, December 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නඩු පැවරීමට සාක්ෂි නොමැති බව තහවුරු වෙයි..! මාලදිවයින් ජනාධිපති ඝාතන සැළසුමට සැකකරුවෙකු වූ ලහිරු ගැන අලුත් බලාපොරොත්තුවක්..!

2100Views

රැකියාවක් අපේක්ෂාවෙන් මාලදිවයිනට ගොස් එරට ජනාධිපතිවරයා ඝාතනය කිරීමමේ සැලැස්මක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවකු ලෙස එරට බන්ධනාගාරගතකර සිටින ලහිරු මධුශංක ඉන්  මුදවා ගැනීම සඳහා හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කරනවා.

දැනට බලයේ සිටින මාලදිවයින් ජනාධිපති අබ්දුල් ගයුම් මහතා ඝාතනය කිරීමට කළ සැලැස්මක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවකු ලෙස ලහිරු මධුශංක රිමාන්ඩ් භාරයට පත් කර තිබුනේ පසුගිය 2015 වසරේ ඔක්තෝම්බර් 24 වැනිදා සිටයි. එසේම මේ වන තුරු ඔහුට  නීතිඥවරයකු, හෝ පවුලේ සාමාජිකයකු මුණගැසීමට ඉඩප්‍රස්ථාවක්ද ලබා දී නොමැති අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ඔහුගේ වර්තමාන තත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ ඔහු වදහිංසාවලට පවා ලක්වන බවයි.

මේ අතර මාලදිවයින් බලධාරීන් විසින් ලහිරු මධුශංක ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්නයිපර්වරයෙකු ලෙස සේවය කළ අයෙකු බවට සැක කරන අතර ඔහු ශ්‍රී ලංකාවේ කිසිඳු ආරක්ෂක අංශයකට සම්බන්ධව සේවය කර නැහැ.

කෙසේ වෙතත් පසුගියදා  මාලදිවයිනේ ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කරන ඉබ්‍රාහීම් මොහොමඩ් සොලිහ් මහතා මුණගැසුණු පළාත් සභා,පළාත්  පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා විසින් ලහිරු මදුශංක පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් ලබාදීමට එකඟ වන බව ප්‍රකාශ කර තිබෙනවා. එසේම ලහිරු මදුශංකට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බව තහවුරු කිරීමටද අමාත්‍යවරයා එහිදී කටයුතු කිරීම විශේෂත්වයක්.

YOU MAY ALSO LIKE