Tuesday, October 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ඇප ගන්න තියෙන එකම ක්‍රමය නළලේ පොට්ටුවක් තියාගෙන සාරියක් ඇඳගෙන යන එක‘‘ ඥානසාර හිමියන් නිදහස් කරගන්න හැටි සුදත්ත හිමියන් කියයි

5126Views

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබෙන වසර හයක සිරදඬුවමට එරෙහිව බොහෝ පාර්ශව දක්වන්නේ විවේචනයක්. එසේම ඥානසාර හිමියන් නිදහස් කරගැනීමට බොහෝ සංවිධානද කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව සිංහල රාවය සංවිධානය විසින් ඥානසාර හිමියන්ට පනවා ඇති වසර හයක සිරදඬුවම නැවත සළකා බලන ලෙස ශේ‍ෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ නමුත් අදාළ අභියාචනය විභාගයට නොගෙන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් එය ප්‍රතික්ෂේප කර ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ අභියාචනය විභාගයට ගැනීමට කටයුතු කළ බව සිංහල රාවයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි ප්‍රකාශ කරනවා.

පසුගියදා  රාජගිරිය ශ්‍රී ධර්මරාජිත විහාරයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළ මාගල්කන්දේ සුදත්ත හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අද නීතියෙන් ඇප ගන්න තියෙන එකම ක්‍රමය නළලේ පොට්ටුවක් තියාගෙන සාරියක් හෝ සායක් ඇඳගෙන අධිකරණයට පැමිණීමෙන් පමණක් බවයි.

එසේම ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමෙන් පසු  ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාගැනීමට කටයුතු කරන බවද සඳහන් කරමින් සුදත්ත හිමියන් මෙසේද ප්‍රකාශ කළා.

 

නීතිය ක්‍රියාත්මක නොවන රටක යුක්තිය බලාපොරොත්තු වෙන්න බැහැ. යුක්තිය පසිඳලන සියලුම ආයතන අද දේශපාලනීකරණය වෙලා. අද නීතියෙන් ඇප ගන්න තියෙන එකම ක්‍රමය නළලේ පොට්ටුවක් තියාගෙන සාරියක් හෝ සායක් ඇඳගෙන අධිකරණයට පැමිණීමෙන් පමණයි.

ඒ නිසා ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමෙන් පසු සාකච්ඡා කරලා ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාගැනීමට කටයුතු කරනවා.

ගෝනවල සුනිල් වගේ පාතාල නායකයන්ට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සමාව දීලා සාමවිනිසුරු පදවියකුත් පිරිනැමුවා නම් වත්මන් ජනාධිපතිතුමා ඝාතනය කරන්න ආපු එල්ටීටීඊ සාමාජිකයන්ට ජනාධිපති සමාව ලබාදුන්නා නම් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරපු ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සමාව දෙන්න බැරිකමක් නැහැ.

මේ ජනාධිපති නිදහස ලබාදීමේදී රාජ්‍ය නොවන සංවිධානවලින් ආගමික අන්තවාදී කණ්ඩායම්වලින් බලපෑම් එන්න පුළුවන්. ඒ මොන එකකින් බලපෑම් කළත් නුදුරු අනාගතයේ මේ රටේ දිශානතිය තීරණය කරන්නේ සිංහල බෞද්ධයෝ පමණක් බව අපේ රටේ පාලකයෝ සිහි තබා ගන්න ඕනේ. අපේ රටේ දේශපාලන නායකයෝ අමතක කරලා තියෙනවා මේ රට සිංහල බෞද්ධ රටක් කියලා. තවමත් මේ රටේ සියයට හැත්තෑවක් ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඒ නිසා රටේ ඉදිරි නායකයා තීරණය කරන්නේ මේ සිංහල බෞද්ධයෝ. ඒ සිංහල බෞද්ධ ඡන්ද දිනාගන්න ඕන නම් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදිය යුතුයි.

සාරියටයි, පොට්ටුවටයි මේ රටේ ඕනෑම තැනක ඇප ලැබෙනවා නම් ඥානසාර හාමුදුරුවොත් සාරියක් ඇඳගෙන ගියා නම් ඇප ලැබෙයි. රටේ පුරවැසියා හැටියට රටේ නීතිය ගැන මේ වගේ කතා කරන්න වීම ගැන අපි ලැජ්ජා වෙනවා. අපේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ අපිට තියෙන්නේ දැඩි පිළිකුලක්. අද පැමිණිල්ල විත්තිය වෙලා විත්තිය පැමිණිල්ල බවට පත්වෙලා. අවාසනාවකට අපේ රටේ එක සිංහල බෞද්ධ නායකයෙක් නැහැ, මම සිංහල බෞද්ධයෙක් කියලා කට ඇරලා කියන්න. අතුරලියේ රතන හාමුදුරුවොත් අද බය වෙලා තියෙනවා මම සිංහල බෞද්ධයෙක් කියලා කියන්න.

YOU MAY ALSO LIKE