Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රටම බලා සිටි ඇපෑලේ අවසන් තීරණය ලැබෙයි - හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු තීන්දුව!!

11918Views

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළුසිවු දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කර මරණ දඬුවම නියම කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන්ට නියම කළ මරණ දඬුවම ඉවත් කර තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධ තීන්දුව මීට සූලු මොහොතකට පෙර ප්‍රකාශයට පත්කෙරුණා.

ඒ අනුව මෙම අභියාචනය විභාග කළ  විනිසුරු මඬුල්ල එම අභියාචනය ප්‍රතික්ෂේප කළ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට  ඔවුන් තීරණය කළා. 

කෙසේ වෙතත් මෙම නඩුවේ පළමු වන විත්තිකරු වන පොලිස් කොස්තාපල් අනුර තුෂාර ද මෙල් දඬුවමින් නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

තමන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොතිබියදී,තමන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු නිසි ලෙසනොසලකමින් මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන් වරදකරු කර ඇතැයි සඳහන් කරන දුමින්ද සිල්වා මහතා,ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර තීන්දුව ඉවත දමා සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි එම අභියාචනයෙන් ඉල්ලීමක් කර තිබුණා.