Tuesday, November 13, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

90% ටත් වඩා දුම්රිය වල වේගසීමා දර්ශක නෑ..! රියදුරන් වේගය පාලනය කරගන්නේ කොහොමද..? දුම්රියේ අවධානම ගැන බැලුම්ගලින් හෙළිවෙයි..!

4321Views

මෙරට දුම්රිය මාර්ග පද්ධතිය තුල ධාවන වන දුම්රිය බලවේග බලවේග කට්ටලවලින් 90% කටත් වඩා  වේගසීමා දර්ශක (Speedometer) නොමැතිව ධාවනය බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පවසනවා. එසේම අලුතින් ආනයනය කරන ලද දුම්රිය එන්ජින් හැර M4,M8,M9,M10 යන දුම්රිය එන්ජින්වල වේගසීමා දර්ශක දර්ශක නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එවන් තත්වය තුල දුම්රිය වේග සීමා පනවා ඇති ස්ථානයන්හිදී දුම්රිය ධාවනය වන වේගය හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටළුවක් ඇතිවනවා.

මේ හේතුවෙන් ඇතිවිය හැකි අවධානම් තත්වය මත මෙම ගැටළුව නිරාකරණය කිරීමට හැකිදැයි නෙත්.එෆ්.එම් සිදුකළ ප්‍රශ්න කිරීමකදී ඔහු සඳහන් කළේ දැනට පවතින දුම්රිය ඉන්ජින් වසර 60-70 දක්වා පැරණි බැවින් ඒවාට නිසි අමතර කොටස් සොයා ගැනීම අපහසු බවයි.

පසුගිය කාලය පුරාවටම දුම්රියෙහි අලියන් ගැටීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (16) විකාශය වූ නෙත්.එෆ්.එම් බැලුම්ගල වැඩසටහනට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

සම්පූර්ණ වැඩසටහන මෙතනින්.

YOU MAY ALSO LIKE