Thursday, January 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හෙට තරඟයට ක්‍රීඩා කරනවාද නැද්ද..? පල්ලෙකැලේදී ආබාධයට ලක්වූ නායක චන්දිමාල්ගේ අලුත්ම තත්වය මෙන්න

4939Views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටින බවට වාර්තා වේ

එංගලන්ත කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (17දා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අවසානයේදී ඇස් නොපෙනීමේ රෝගී තත්ත්වයකට ලක්විය

චන්දිමාල් මෙම ආබාධය හේතුවෙන් තරගයෙන් පසුව පැවැති ජය සංකේත ප‍්‍රදානයට සහ මාධ්‍ය හමුවට සහභාගි වූයේද නැත.

එදින රාත්‍රියේම චන්දිමාල්ට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදුන් බව මාධ්‍ය හමුවට සහභාගි වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පැවසීය.

 

YOU MAY ALSO LIKE