Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"එක්නැලිගොඩ, ලසන්ත, තාජුඩීන් ආණ්ඩුවේ ඡන්ද මැෂින්, රණවිරුවෝ තොග පිටින් හිරේ දානවා" ඇමති රාජිත කෙලින්ම කියයි!

17399Views

රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න සිදු කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබේ. පසුගිය දින කැබිනට් මාධ්‍ය හමුව ඇමතු අමාත්‍යවරයා රණවිරුවන් වුවද තොග ගණනින් සිරගත කිරීමට තමන් ඇතුලු රජය පසුබට නොවන බවට ප්‍රකාශ කළා.

මේ අතර පසුගිය රජය පරාජය කිරීමට තමන්ට ඡන්ද ගෙන ආවේ ලසන්ත, තජුඩීන් සහ එක්නැලිගොඩ බවද අමාත්‍ය රාජිත සේනාරත්න පැවසූවා. මේ පිළිබදව වැඩිදුරත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූවේ

"අපිට යුතුකමක් නැත්ද ලසන්තගේ මීනි මරුවා හොයන්න, ලසන්ත වික්‍රමතුංග තමයි අපිට ඡන්ද ගෙනාවේ, එක්නැලිගොඩ තමයි අපිට ඡන්ද ගෙනාවේ, කීත් නොයාර්ලා තමයි අපිට ඡන්ද ගෙනාවේ, වෙන කවුරුත් නෙවෙයි. අපි තජුඩීන්ගේ ලසන්තගේ මීනි මරුවො එල්ලුම් ගස් යවනවා. එක්නැලිගොඩ උස්සපු ඔක්කොම එවුන්ව තොග ගානේ මොන රණවිරුවද කියලා නෑ ඔක්කොම එල්ලුම් ගස් යවනවා" යනුවෙනි.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය දැඩි කතාබහට ලක්ව තිබෙන අතර සමාජජාලා වෙබ් අඩවියන්ගේ අවදානය ලක්ව තිබීමද විශේෂත්වයකි.