Tuesday, November 13, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ආයෝජකයන් ඉතාලියේදි හමුවුනා, ඒත් අල්ලස් ඉල්ලුවේ නෑ" විදුලි දුම්‍‍රිය ව්‍යාපෘතියෙන් මිලියන ගණනක පගාව ඉල්ලු චෝදනාවට සුජීව දෙන පිළිතුර!

4619Views

ශ්‍රි ලංකාවට යූරො බිලියන පහක විදේශ විනියමය ගෙනෙන විදුලි දුම්රිය ව්‍යාපෘතියක් පසුගිය කාලයේ නවතා දැමූ පුවතක් වාර්තා වුනා. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ගෙන ආ ආයෝජකයන් සදහන් කළේ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් වන මලීක් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ අමාත්‍යවරුන් සිය ආයෝජනය අනුමත කිරීමට නම් විශාල අල්ලසක් ලබා දෙන ලෙසට ඉල්ලූ බවයි. මේ අවස්තාවේ යැයි කියන වීඩියෝවක්ද ආයෝජකයන් විසින් අන්තර්ජාලයට එක්කර තිබුනා. එම නිසා මෙම ආයෝජන ව්‍යාපෘතිය අඩපණ වී තිබෙන බවට ඔවුන් චෝදනා කළා.

ඒ පිළිබදව ජනපතිවරයාට පැමිණිලි කිරීමටද ආයෝජකයන් කටයුතු කර තිබුනා. ශ්‍රී ලංකාවට ආයෝජකයන් නොපැමීණීම හේතුවෙන් ආර්ථිකයද බිඳ වැටෙමින් පවතින මෙවන් යුගයක මෙවන් විශාල ආයෝජනයක් අතරමැද නැවතීම දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා. සමාජජාලා මාධ්‍යයන්හීද මෙම සිදුවීම කතාබහට ලක්වූ අතර "ග්‍රේට් ට්‍රේන් රොබරි" හෙවත් මහා දුම්රිය මංකොල්ලය ලෙස සමාජජාලා මාධ්‍යයන්හී මෙම සිදුවීමට නම්පට බැදුනා.

කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවූ සුජීව සේනසිංහ අමාත්‍යවරයා තමන් එලෙසින් අල්ලස් නොඉල්ලූ බවට ප්‍රකාශ කළා. එහිදි මාධ්‍ය ඇමතු නියෝජ්‍ය අමාත්‍යවරයා එම ආයෝජකයන් ඉතාලියේදි මුන ගැසුනු බව පිළිගැනීම විශේෂත්වයකි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ 

"ඉතාලියේදි මම ආයෝජනයක් සම්බන්ධයෙන් දේශනයක් කරමින් ඉන්නකොට එක පුද්ගලයෙක් නැගිටලා කියනවා BOI එකේ මෙහෙම අකටයුතුම් වෙනවා, පගාව ඉල්ලනවා අපිට අවසර දෙන්නෙ නෑ කියලා. එතකොට මම කියනවා පොඩ්ඩක් ඉන්න ඔය ප්‍රශ්නේ මම පස්සෙ ගන්නම් කියලා එළියෙදි කතා කරනවා. එතනට ඉතාලි ජාතිකයො හතර පස් දෙනෙක් එනවා. ඒ වීඩියෝ එකයි ඔබතුමාලා දැක්කේ" යනුවෙන් ප්‍රකාශ කළා.

YOU MAY ALSO LIKE