Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එළඹෙන සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

5716Views

ඔක්තෝම්බර් 21 සිට 27 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.

මේෂ

වැඩිහිටි උපකාර

ලග්නාධිපති කුජ රුචක යෝගයෙන් දසවැන්නේ සිටී. කේතු සමඟයි. ගුරු අටවැන්නේ ගමන් කරයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් ආර්ථික වාසි ලැබේ. ගෙදරදොර කටයුතුවල දී යම් යම් බාධා ඇති කළ හැක. විවාහ සහකරු සහහකාරියගෙන් ලාභ ප්‍රයෝජන ලැබිය හැක. වැඩිහිටි අයගෙන් ආධාර උපකාර ලැබේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


වෘෂභ

මිශ්‍රපල

ලග්නාධිපති සිකුරු ස්වක්ෂේත්‍රව හයවැන්නේ රවි, බුධ සමඟ සිටිය දී සතිය ආරම්භ වේ. සිතට දුක් කරදර සහිතයි. තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා සතුරු කරදර ඉස්මතු කළ හැකි නිසා වෘත්තීය සහ රැකියා කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගනුදෙනු කතාබහ වැනි මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. තරුණ තරුණියන් හැඟීම් පාලනය කර නොගතහොත් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වෙයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


මිථුන

වියදම් අධිකයි

ලග්නාධිපති බුධ පස්වැන්නේ රවි සිකුරු සමග සිටිය දී හා රාහු දෙවැන්න වූ ධනස්ථානයේ කුටුම්භස්ථානයේ සිටිය දී සතිය ආරම්භ වේ. තමාට නොගැළපෙන අය සමග ආශ්‍රය කිරීමට යාමෙන් වැළකිය යුතුය. නරක නාම ඇසීමට පුළුවන. අනුමානයට කරන කටයුතුවලින් ඵලක් නොලැබෙන නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතාවල දී මුළාවට පත්වන්නට ඉඩ පවතින නිසා ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. පහත් දෙයට නුසුදුසු දෙයට සිත දුවන බැවිනි.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


කටක

කල්පනාකාරී වන්න

ලග්නාධිපති සඳු අටවැන්නේද ගුරු පස්වැන්නේ ද සිටිය දී සතිය ආරම්භ වේ. සිතට එතරම් සැනසීමක් ලැබීම අපහසුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල සදී උත්සාහය කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේ දී කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් සමගියට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. බඩවැල් ආශ්‍රිත රෝග, මලබද්ධය, අර්ශස් වැනි රෝගාදියෙන් පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය- ක්‍රීම්, අංකය- 02, දිනය- සඳුදා


සිංහ

සමපලයි

ලග්නාධිපති රවි තුන්වැන්නේ මිතුරු බුධ සග සිටින අතර ගුරු 4 වැන්නේ ගමන් කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තමාගෙන් උපකාර ගත් අයකු තමා මුළාවේ දමා කටයුතුවල යෙදෙන නිසා තරමක් කල්පනාකාරී වන්න. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතාවල දී රැවටීම්වලට හසුවිය හැක. විවාහ ගිවිසුම් ආදර බන්ධනවලට එතරම් ශුභදායක නොවේ. ඉගෙනීම් කටයුතුවල දී ඉගෙනීමට පරිබාහිර දේවලට හිත ඇදී යන නිසා කල්පනාකාරී විය යුතුයි.

ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා


කන්‍යා

බාධා සහිතයි

ල්නාධිපති බුධ සිකුරු, රවි දෙවැන්නේ ද ගුරු තුන්වැන්නේ ද ගමන් කරයි. ස්ථානගත වෙනස්කම්වලට ඉඩ පවතී. නිවසට පැමිණි විට සිතට ප්‍රීතිය සතුට අඩු වේ. නිකරුණේ මිල මුදල් නාස්ති වන වියදම් අධික වන කාලයක් නිසා කල්පනාකාරී වන්න. නෑදෑ මිත්‍රයන්ගේ දුරස්වීම් පෙන්වයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතාවන්ට මුහුණ පපෑමට සිදු වේ. නීතිමය ප්‍රශ්නවලට යොමුවීමේ අවකාශය ඇති බැවින් කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි කල්පපනාකාරී වන්න.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


තුලා

තරමක් ශුභයි

ලග්නාධිපති සිකුරු ස්වක්ෂේත්‍රව මාලවවී යෝගය උදා කරමින් රවි, බුධ සමග ලග්නයේම සිටි. මෙම පිහිටීම් තුළ පැවැති තත්ත්වයට වඩා යහපත්ය. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවලට ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබාගත හැක. ගෙදරදොරකටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත යොමු වන අතරම ඒ තුළ සහනයක් ද ලැබේ.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


වෘශ්චික

මිශ්‍රඵල

ලග්නාධිපති කුජ කේතු සමග තුන්වැන්නේ සිටින අතර ගුරු ලග්නයේ සිටිය දී සතිය ආරම්භ වේ. රැකියා කටයුතුවල දී සුළු සුළු බාධා සහ අවහිරතා ඇතත් සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. නමුත් විටෙක අනපේක්ෂිත සිද්ධීන් මතුවීම තුළ වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. ගෙදරදොර කටයුතුවල දී බුද්ධිමත් වන්න. සමගිය සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


ධනු

බාධා සහිතයි

ලග්නාධිපති ගුරු 12 වැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. කුජ කේතු දෙවැන්නේය. බලාපොරොත්තු අදහස් ඉෂ්ට සිද්ධ කර ගැනීම තරමක් ප්‍රමාද වේ. මිල මුදල් ලැබීම යහපත් බව පෙනී ගියත් හිටි හැටියේ මතු කරන සිද්ධීන් තුළ වියදම් වැඩි වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී පරෙස්සම් විය යුතුයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී විටන් විට බාධා ප්‍රමාදතා ඉස්මතු වනු ඇත. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේ දී ඉවසීමෙන් බුද්ධිමත්ව ක්‍රියා නොකළහොත් සමගිය සාමයට බාධා එල්ල වනු ඇත.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා


මකර

ක්‍රමයෙන් දියුණුව

ලග්නාධිපති ශනි 12 ද, ගුරු 11 ද සිටිය දී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ක්‍රමයෙන් දියුණුව අභිවෘද්ධිය සලසා ගත හැක. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික ලාභ ලබා ගනී. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක බවක් ලබයි. ඉගෙනීමේ යෙදී සිටින අයට සිය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ආගමික සහ සමාජීය කටයුතුවල දී සහනයක් ලබයි. ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


කුම්භ

මිශ්‍රඵලයි

ලග්නාධිපති ශනි 11 ද, ගුරු 10 ද සිටින අතර සතිය ආරම්භ වේ. සුළු සුළූ බාධා අවහිරතා මධ්‍යයේ වුවද වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගනු ඇත. ආදායම් ලැබුණ ද වියදම් අධික වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සමගිය සාමයට බාධා අවහිරතා එල්ල විය හැක. කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු ගැන වඩාත් අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සායෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සෙනසුරාදා


මීන

ක්‍රමයෙන් යහපත

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේ සිටිමින් ලග්නය දකී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. උසස් අයගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටුකර ගනී. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. ගෙදරදොර හා යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. ඉගෙනීම්වල යෙදී සිටින අයට උත්සායෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා