Tuesday, November 13, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ස්ථාන මාරුව සමරන්න රාජකාරී වේලාවේ බෝතල් පාටියක්..! පදමට මත්වූ අළෙවි කළමණාකාරු රාජ්‍ය සේවය ඉටුකරන හැටි කැමරාවක සටහන් වෙයි..! (VIDEO)

6690Views

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය අළෙවි කළමණාකාර රංගජීව ආරියරත්න විසින් කාර්යාල වේලාව තුලදී රාජකාරී කටයුතු මඟහරිමින් අධික ලෙස මත්පැන් පානය කර සාදයක් පැවැත්වූ පුවතක් නෙත් ගොසිප් වෙත වාර්තා වනවා.

මෙම සහකාර ප්‍රාදේශීය අළෙවි කළමණාකාරවරයා බොහෝ විට කාර්යාලය තුල බීමතින් සිටින බවත්, ඔහුට එරෙහිව නීති විරෝධී ලෙස ඉන්ධන පිරවුම් හල් වලට අවසර ලබා දීම, අල්ලස් ලබා ගැනීම වැනි චෝදනා රැසක් පවතින බවත්,ඔහු මෙම තනතුර දරන්නේ දේශපාලන උදව්වකින් මිස අධ්‍යාපනික සුදුසුකමකින් තොරව වන බවත් නෙත් ගොසිප් වෙත තොරතුරු වාර්තා වනවා.

මෙම කළමණාකාරවරයාට පසුගියදා ස්ථාන මාරුවක් ලබා දී ඇති අතර ඒ වෙනුවෙන් රාජකාරී වේලාව තුල  මෙම සාදය පවත්වා ඇති අතර සාදය පවත්වන අවස්ථාවේදී රාජකාරී කටයුත්තක් සඳහා ඔහුට මහජන උපයෝගීතා කොමිසමෙන් දුරකත ඇමතුමක් සහ යම් තොරතුරු කිහිපයක් ඉල්ලා ෆැක්ස් පණිවිඩයක්ද ලැබෙනවා. කෙසේ නමුත් එම අවස්ථාවේදී ඔහු එය කිසිඳු ගණනකට නොගෙන පරුෂ වචනද කියමින් හැසිරෙන්නේ රාජ්‍ය සේවයේ වගකීම සැහැල්ලුවට ලක්කරමින්.

මහජන මුදලින් වැටුප් ලබමින් මහජනතාව අපහසුතාවයට ලක්කරන මෙවැනි රාජ්‍ය නිළධාරීන් සමස්ථ රාජ්‍ය සේවයටම කැළලක් වනවා සේම මෙම නිළධාරියාට ස්ථාන මාරුවක් ලබා දුන් බව දැනගත් ප්‍රදේශයේ බෙදුම්කරුවන් රතිඤ්ඥා දල්වා තම සතුට පලකර තිබීමද විශේෂත්වයක්.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

YOU MAY ALSO LIKE