Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට ත්‍රාසජනක අත්දැකීමක් එකතු කළ 'පල්සර් ඩෙයාවෙන්චර්' සාර්ථකව අවසන් වෙයි..! පල්සර් 200NS යතුරුපැදියේ හිමිකම චන්දිමාල්ට..! (VIDEO)

7741Views

ප්‍රේක්ෂකයින් තුල දැඩි කුතුහලයක් සහ නොඉවසිල්ලක් නිර්මාණය කරමින් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂයට අලුත් අත්දැකීමක් ලබාදුන්  'පල්සර් ඩෙයාවෙන්චර්' රියැලිටි වැඩසටහනේ අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා (20) අවසන් වුණා. ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර්  සමාගම වන ඩේවිඩ් පීරිස්‌ සමාගම විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මාස 3කට අධික කාලයක් පුරාවටම ස්වාධීන රූපවාහිනිය හරහා බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගත් වැඩසටහනක් බවට පත්වුනා.

සමස්ථ ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් දිවයිනේ සිවු දෙසින් තරඟකරුවන් 5000 ක් පමණ සහභාගී වුන 'පල්සර් ඩෙයාවෙන්චර්' රියැලිටි වැඩසටහනේ ජයග්‍රහණය හිමිකරගන්නට  චන්දිමාල් ප්‍රදීප් තරඟකරු සමත් වුනේ නවීන පන්නයේ පල්සර් 200NS යතුරු පැදියකට හිමිකම් කියමින්.

එසේම අවසන් මහා තරඟයේදී දෙවන ස්ථානය හිමිකරගන්නට චාමර තිලක් කුමාර තරඟකරු සමත් වුනා. ඒ අනුව ඔහුට පල්සර් 160NS යතුරු පැදියක හිමිකරුවෙකු වන්නට වාසනාව හිමිවුනා. එසේම මෙම රියලිටි වැඩසටහනේ තෙවන ස්ථානය හිමිකර ගත්තේ බෝසර මලිත් පල්සර් 135LS වර්ගයේ යතුරුපැදියක් හිමිකරගත්තා.

අති උත්සවාකාරයෙන් පැවති අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රධානය කිරීම  සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා අතින් සිදුවුනු අතර අවසන් මහා තරඟයේ සම්පූර්ණ වීඩියෝව පහතින්.