Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සතියෙන් සතිය ලක්ෂයට පහලොස්දහසක් පොලී දුන් තරුණිය හදිසියේම අතුරුදහන් වෙයි...! වැඩි පොලී ගන්න නිවෙස් වල සිටි ගවයින් පවා විකුණලා මුදල් තැන්පත් කරලා..! (PHOTOS)

45035Views

පොලොන්නරුව සේවාගම මැදපාරේ පදිංචිව සිට කෝටි 03 කට ආසන්න මුදල් වංචාවක් සිදුකළ ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව කියන 29 හැවිරිදි තරුණිය සොයා ගැනීමට එම මූල්‍ය වංචාවට හසුවූ පුද්ගලයින් සහය ඉල්ලා සිටිනවා. 

දිසානායක මුදියන්සේලාගේ ශ්‍යාමලී දිසානායක වන ඇය වසර එකහමාරක පමණ කාලයක සිට ප්‍රදේශයේ ජනතාව සමඟ ඉතා හිතවත්ව ගණුදෙනු සිදුකර ඇති අතර බොහෝ දෙනාගේ හදිසි මුදල් අවශ්‍යාතවයන් වලදී ඇය මුදල් ලබා දී තිබෙනවා. මෙලස බොහෝ දෙනාගේ හිත දිනාගනිමින් කටයුතු කළ ඇය රුපියල් ලක්ෂයක මුදලකට සතියට රුපියල් පහලොස්දහස බැගින් ලබා දී ඇති අතර එහිදී බොහෝ දෙනෙකු ඇය ළඟ මුදල් තැන්පත් කිරීමට පෙළඹී තිබෙනවා.

එහිදී ඇතැම් පුද්ගලයින් තම නිවෙස් වල සිටි ගවයන් පවා විකුණා ඇය ළඟ මුදල් තැන්පත් කර තිබුනේ ඇයගෙන් ලැබෙන අධික පොලී මුදල ලබා ගැනීමේ අරමුණින්.

එවන් තත්වයක් තිබියදී ඇය පසුගිය 17 වනදා සිට ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති අතර ඇය පිලිබද තොරතුරක් දන්නේනම් ඒ පිළිබඳව පොලොන්නරුව පොලිසිය වෙත දැනුම් දෙන ලෙස මෙම මූල්‍ය වංචාවට හසුවූ පුද්ගලයින් ඉල්ලීමක් කරනවා

පොළොන්නරුව පොලිස් ස්ථානය  - 027 - 2222222

ඇයගේ ඡායාරූප පහතින්.