Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් තුරන් වෙයි?

2218Views

ශ්‍රී ලංකාවේ පවතින එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහන් කාර්යාලය (යූඑන්ඒඩ්ස්‌) අද (30 දා) සිට වසා දැමීමට ස්‌විස්‌ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම වැඩසටහනෙහි මූලස්‌ථාන කාර්යාලය තීරණය කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහන් කාර්යාලය හරහා මෙරට ක්‍රියාත්මක වූ ජාතික එච්අයිවී ඒඩ්ස්‌ වැඩපිළිවෙළට අදාළ මෙරටින් ඒඩ්ස්‌ රෝගය තුරන් කිරීමේ නිවාරණ හා ප්‍රචාරණ වැඩසටහන් අදින් පසු ක්‍රියාත්මක නොවන බව එම වැඩසටහන් කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා පවසයි.

මෙරට එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහන් කාර්යාලය වසා දැමීමත් සමඟම ඒ හරහා ක්‍රියාත්මක වූ ඒඩ්ස්‌ නිවාරණ/ප්‍රචාරණ වැඩසටහන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සෙසු කොටස්‌කාර සංවිධානයන් හරහා ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙරට එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහන් කාර්යාලයට මූලස්‌ථාන කාර්යාලයෙන් එච්.අයි.වී/ඒඩ්ස්‌ නිවාරණ කටයුතු වෙනුවෙන් ලැබුණු අරමුදල් ප්‍රමාණවත් නොවීම මත හටගත් අර්බුදකාරී තත්ත්වය එම වැඩසටහනෙහි මෙරට කාර්යාලය වසා දැමීමට හේතුවී ඇතැයි වාර්තා වේ.

ඒමන්ති මාරඹේ

(උපුටාගැනීම දිවයින පුවත්පතෙනි)