Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘කුමන්ත්‍රණ අංක දෙක ක්‍රියාත්මකයි‘‘ ..අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්..!

28055Views

ජනපති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව නීති විරෝධි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ‘‘කුමන්ත්‍රණ අංක 02‘‘ දියත්කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි...

සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරයා පවසන්නේ ඇතැම් විට අද (07) රාත්‍රියේ හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩකඩක් ඇති බවයි.

කෙසේ වෙතත් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන පරිදි පාර්ලිමෙන්තුව විසුරුවා හැරිය හැක්කේ,

පාර්ලිමේන්තු ධූර කාලයෙන් වසර හතර හමාරක් ගතවුණු පසුව බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. එම කාලය උදාවන්නේ 2020 පෙබරවාරි මසයේ බවද ඔහු පවසයි.
එම කාලයට පෙර විසුරුවා හැරිය යුතු නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයක් අවශ්‍ය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙය 14 පාර්ලිමේන්තුව රැස්වූ විට අත්වන පරාජයේ අපකීර්තියෙන් වැළකීමට ජනපති ඇතුළු ආණ්ඩුව සිදූකිරිමට යන තවත් කුමන්ත්‍රණයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.