Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පාර්ලිමේන්තුවේ බහුතරය බලය තිබෙනවා, පාර්ලිමේන්තුව විසුරුවනවාද නැද්ද..? අගමැති සන්ධාන මන්ත්‍රීවරුන්ට තීරණය දැනුම් දෙයි..!

12038Views

පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතරය තිබෙන බවත්, පාර්ලිමේන්තුව මේ අවස්ථාවේදී විසුරුවා නොහරින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා.

මේ අතර අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113ක බහුතර බලය පෙන්විය යුතුයැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් නොවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  අද (07) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශයේදී වැඩබාර ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළා.

එහිදී පාර්ලිමේන්තුව කල්දැමූ පළමු අවස්ථාව මෙය නොවන බවත් සෑම ජනාධිපතිවරයකුම පාර්ලිමේන්තුව කල් දැමූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙසද ප්‍රකාශ කළා.

‘‘බහුතර බලය නැතිව 1960 දී ඩඞ්ලි සේනානායක මහතාත් අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නා. අද පාර්ලිමේන්තුවේ බහුතර බලය ගැන කාතාකරන කවුරුත් ඒ ඉතිහාසය නැවත කියවිය යුතුයි. කවුරුන් කුමක් කීවත් මේ මොහොතේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ අපිටයි. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113 ක බහුතර බලය පෙන්විය යුතු යැයි ව්‍යවස්තාවේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. වර්තමාන කතානායකවරයා ගණන් දන්නේ නැහැ‘‘

 

 

 

YOU MAY ALSO LIKE