Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘තාත්තගෙ දවසෙ පඩිය 200 යි - කූපන් එක අරගෙන ඇඳුම මහන්න ගියාම ඒකට 250 යි‘‘ නිල ඇඳුම නිසා සිය දිවි හානිකරගත් පාසල් දැරිය ගැන මුරලි කියන කතාව

5731Views

උතුරේ දේශපාලඥයින් තම අයිතීන්,පසුගිය දේවල් සහ  ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරද්දී පසුගියදා දැඩි ආර්ථික දුෂ්කරතා හමුමේ සියදිවි හානිකරගත් කිලිනොච්චිය ප්‍රදේශයේ නව හැවිරිදි දැරිය පිළිබඳ සොයා බැලීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ බව ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරනවා.පසුගියදා BBC සිංහල සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් මුරලිදරන් මේ බව සඳහන් කරා.

එහිදී උතුරට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට උතුරේ දේශපාලකයන් නගන ප්‍රකාශ ගැන අදහස් දක්වමින් උතුරට එවන් විසඳුමක් අවශ්‍ය ඇයි ද යන්න පිළිබඳව අවධාරනය කළේ පසුගියදා  සියදිවි හානිකරගත් පාසල් දැරියගේ සිදුවීම මුල් කරගනිමින්. ඒ අනුව ලංකාවේ 70% ක් ජනතාව මසකට රුපියල් 20000 , 25000 ක වැටුපක් ලබා ගන්නා දුප්පත් මිනිසුන් බවත්, ඔවුන් තුන්වේල කා ජීවත් වන්නේත් ඉතා අපහසුවෙන් බවත් ප්‍රකාශ කළ ඔහු එම සිදුවීම පිළිබඳ විස්තර කළේ මෙලෙසින්.


‘‘අවුරුදු 09 දැරියන් නිල ඇඳුම් ප්‍රශ්නයක් නිසා සියදිවි හානි කර ගත්තා. ළමයි 03 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට 12 යි. 09 යි, 07 යි. තාත්තගෙ දවසෙ පඩිය 200 යි.බොහොම අමාරුවෙන් එක වේලක් කන්නෙ. තුන්දෙනාම ඉස්කෝලෙ යවනවා. දරුවගෙ ඇඳුම් සව්ත්තු වෙලාදෝ මොනවද වෙලා ටීච කියලා අලුත් ඇඳුම් ඇඳගෙන එන්න කියලා.

දැන් කූපන් එකක්නෙ දෙන්නෙ... කූපන් එක අරගෙන,ඇඳුම් අරගෙන මහන්න ගියාම රුපියල් 200 ක්, 250 ක් යනවලු මහන්න.ඒ සල්ලි නෑ.. බැලුවා.. බැලුවා.. නෑ. මේ ළමයා සියදිවි හානිකරගත්තා. ඒක බලන්න කවුරුත් නෑ‘‘