Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘හරක් වැඩ කරන්න යන්නේ නෑ‘ - අලුත් වෙළඳ ඇමති බන්දුල සිංගප්පූරු ගිවිසුම ගැන මින් පෙර නොකී කතාවක් කියයි..!

7526Views

සිංගප්පූරු ගිවිසුම ස්වදේශිකයන්ට පක්ෂපාතී වන රාජ්‍යයන් දෙකටම වාසිදායක වන ආකාරයේ ගිවිසුමක් බවට පරිවර්තනය කර ගැනීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද (09) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම එකවර සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා වැනි හරක් වැඩ නොකරන බවත්, ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු සඳහන් කළේය.

‘‘දැවැන්ත වගකීමක් බාර ඇමැතිවරයා වශයෙන් මං කල්පනා කරන්නේ නෑ යම් යම් දේ අධ්‍යයනයකින් තොරව යම් යම් දේ අහෝසි කරන එක හරියි කියලා. පැන්න ගමන් සම්පූර්ණ ගිවිසුම අහෝසි කරනවා වගේ හරක් වැඩ කරන්න යන්නේ නෑ.‘ යැයි ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

කෙසේ වෙතත් මීට පෙර මෙම ගිවිසුම පිළිබඳ අදහස් දක්වා තිබූ ඇමතිවරයා සඳහන් කර තිබුණේ මෙම ගිවිසුම සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවය