Saturday, February 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘දින 14 ක් ඇතුලත මිලියන 1000 ක් ගෙවන්න‘‘ ඩිලාන්ට සහ අරුන්දිකට මනූෂගෙන් එන්තරවාසි..!

8993Views

පසුගිය දින කිකිහපය තුල දේශපාලන කරලිය තුල පුවත් මවන චරිතයක් බවට පත්වුනු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් ඩිලාන් පෙරේරා සහ අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන 500 බැගින් මිලියන දහසක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යවා තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් තමන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින්  මනූෂ නානායක්කාර විසින් මෙලෙස එන්තරවාසියක් යොමුකර ඇති අතර කොන්ටිනෙන්ටල් ලෝ ඇසෝසියේටිස් නීතීඥ ආයතනය විසින් මන්‍ත්‍රීවරයා වෙනුවෙන් මෙම එන්තරවාසිය යවා තිබෙනවා.

ඒ අනුව දින දහ හතරක කාලයක් තුළදී මෙම වන්දි මුදල ලබාදීමට කටයුතු කළ යුතු බවත් එය පැහැර හරින්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට සිදුවන බවත් මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සමාගම ඩිලාන් පෙරේරා සහ අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවර්න්ට දැනුම්දී තිබෙනවා.

මේ අතර ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා නිදහසේ මාධ්‍ය කේන්ද්‍රෙය්දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්  ඉදිරිපත් කළ සියලුම කරුණු සාවද්‍ය බවත් එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතිකෂේප කරන බවත් එහි සදහන් වන අතර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මන්ත්‍රිවරයාගේ දේශපාලන ජීවිතයට දැඩි ලෙස හානි වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන  බවද එය ජනමාධ්‍යයේ ප්‍රචාරය වී තිබෙන බවද එන්තරවාසියේ දැක්වෙනවා.