Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම එක්ක ආවත් ආයේ රනිල්ට අගමැතිකම දෙන්නෙ නෑ" ජනපති මෛත්‍රීගෙන් තද තීරණයක්!

1735Views

පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 225 දෙනාම අත්සන් කර ඉල්ලීමක් කළත් අගමැති ධුරය නැවතත් රනිල් වික‍්‍රමසිංහට ලබා නොදෙන බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ජනපතිවරයාගේ මෙම තීරණය  එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හමුවේ ඊයේ (03) ප‍්‍රකාශ කිරීමටද ජනපතිවරයා කටයුතු කර තිබේ.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාත් එජාප නායකයනුත් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන ලෙස එජාපෙ නායකයන් මෙහිදී දැඩි ඉල්ලීමක්‌ කළ ද අගමැති ධුරය ලබා දෙන්නේ තමන් කැමති අයකුට පමණක්‌ බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

එක්‌සත් ජාතික පෙරමුණ නියෝජිතයන් එහිදී නීතිමය තත්ත්වය පිළිබඳව කරුණු ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අගමැතිවරයා හා ඇමැති මණ්‌ඩලයට එරෙහිව අතුරු තහනම් නියෝග මිසක්‌ එම තනතුරු අහෝසි කරන ලෙස අධිකරණය නියෝගයක්‌ ලබාදී නැති බවයි.

ජනාධිපතිවරයාත් එක්‌සත් ජාතික පෙරමුණේ නායකයනුත් අතර පැවැති මෙම සාකච්ඡාව විනාඩි 45 ක්‌ පමණ පැවැත්වූ බවත් මේ අනුව එම සාකච්ඡාව අසාර්ථක වූ බවත් එජාපෙ නායකයෝ මාධ්‍යයට ප්‍රකාශ කරේය. ලක්‍ෂමන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, මලික්‌ සමරවික්‍රම යන මන්ත්‍රීවරු ඇතුළු එජාපෙ නියෝජිත පිරිසක්‌ මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.