Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රොහාගේ කල්ලියේ සහ අංජුගේ කල්ලියේ ගේමක්ද..? ඊයේ රෑ සිදුවුනු වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට..!

2202Views

ගල්කිස්ස කල්දමුල්ල ප්‍රදේශයේදි සිදුවු වෙඩි තැබිමකින් ඊයේ (05) රාත්‍රියේ පුද්ගලයෙක් මිය‍ගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබිම සිදුකර පළා ගොස් ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදී හෙළිකරගෙන ඇති අතර එම වෙඩි තැබීම  තවත් පාතාල ගැටුමක් බවට පොලිසිය සැක පළ කරනවා.

ඒ අනුව පාතාල ක‍්‍රියාකාරිකයෙකු වන රොහාගේ කල්ලිය සහ තවත් පාතාල ක‍්‍රියාකාරිකයෙකු වන අංජුගේ කල්ලිය අතර මෙම ගැටුම ඇති වී තිබෙන බවටයි සැක කෙරෙන්නේ.

සිදුවූ වෙඩිතැබීමෙන් මියගිය පුද්ගලයා අගුලාන දුම්රියපොළ පාරේ පදිංචිව සිටි ලහිරු උදාර සඳරුවන් නමැති වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායම් 04 ක් යටතේ පරීක්ෂණ සිදුකරන අතර අද දිනයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.