Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයට..! මකා දැමූ හඬ පට ආරෝපනය කරන්න දුරකතන සමාගමේ සහය ලබා ගනී..!

5332Views

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්  තොරතුරු හෙළිකළ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයේ පිහිටි අදාල දුරකතන සමාගම වෙත ගෙන යාමට තීරණය කර තිබෙනවා. 

නාමල් කුමාර විසින් ඉදිරිපත් කළ හඬ පට අතුරින් ඇතැම් ඒවා  මකා දමා තිබීම නිසා එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා එළඹෙන සතියේදී අදාල දුරකතන සමාගම වෙත රැගෙන යන බව පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අධිකරණය භාරයේ නඩු භාණ්ඩයක් ලෙස පැවති අදාළ ජංගම දුරකතනය තම දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත‍්‍රාත්වරයා විසින් අදාළ දුරකතය මුදාහැර තිබෙනවා.