Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පොලිස් නිළධාරීන් හඬවමින් යාපනයේ බෝම්බ විශේෂඥයා ‘‘සාසා‘‘ මිය යයි..! ගරු බුහුමන් මැද අවසන් කටයුතු සිදු කෙරෙයි (PHOTOS)

2337Views

යාපනය කෝපායි පොලීසියට අනියුක්තව සිටි පොලිස් සුනඛ  ‘සාසා‘ හදීසි අසනීපයක් හේතුවන් මිය ගිය ගොස් තිබෙනවා.බෝම්බ සෙවීමේ විශේෂඥයෙකු ලෙසද  සැලකූ  සාසා බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීම සම්බන්ධයෙන් පුහුණුවක්ද ලබා ඇති අතර කෝපායි මෙන්ම යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ ආදරය දිනාගත් සුනඛයෙකු ලෙසයි සැළකෙන්නේ.

‘සාසා‘ පොලිස් සුනඛයා දරුණු වකුගඩු රෝගයකින් පෙලීම නිසා මිය ගොස් ඇති අතර  සුනඛයා භාරව සිටි පොලිස් සැරයන් (32896) සමරවීර  ඇතුලු පොලිස් නිලධාරීන් ‘සාසා‘ගේ අවසන් කටයුතු ගරු බුහුමන් සහිතව කෝපායි පොලීසියේදී සිදු කර තිබෙනවා.

2010 මැයි 28 වනදා උපත ලබා ඇති සාසා නෙදර්ලන්තයෙන් ගෙනවිත් බෝම්බ පිළිබඳව පුහුණුව ලබා ඇති අතර වසර කිහිපයක් පුරාවට කෝපායි පොලීසිට ඉමහත් සේවයක් ලබා දී තිබෙනවා.


 

YOU MAY ALSO LIKE