Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

විවාහ උත්සවය සරලවම..! අසරණ පවුලක සතුට වෙනුවෙන් අමතර වියදම් කැපකර රටටම ආදර්ශයක් දුන් ප්‍රදීප්..! (PHOTOS)

3683Views

තවත් කෙනෙකුගේ දුකක් දැක සංවේදී වන මිනිසුන් ඕනෑ තරම් මිනිස්සු අපේ සමාජයේ ජීවත් වනවා. පසුගිය කාලය පුරාවටමත් එවැනි වූ මනුස්සකම හඳුනන සංවේදී හදවත් ඇති මිනිසුන් ගැන අපි ඔබට කිවුවෙ එවැනි වූ පුද්ගලයින් සමාජයේ ඇගයීමට ලක්කළ යුතු නිසාමයි. කෙනෙකුගේ දුකක්,කරදරයක් සිදු වුන මොහොතක එයට පිටුපා යන ඇතමුන් අතරේ සියළු දෙනාගේම ඇගයීමට ලක්විය යුතු කතාවක් ගැන අපිට දැනගන්න ලැබුනා.

විවාහ වෙන්න බලාගෙන ඉන්න හැම තරුණයෙකුගේම, හැම තරුණියකගේම බලාපොරොත්තුව වෙන්නෙ තමන්ගෙ විවාහ උත්සවය බොහොම හොඳින් සමරන්න. අධික මුදලක් වැය කරලා  ඒ විදියට තමන්ගෙ විවාහය උත්සවය සමරද්දි, වෙනස්ම විදියකට හිතලා තමන්ගෙ විවාහ උත්සවය බොහොම සරලව සමරා අනවශ්‍ය වියදම් සියල්ල කපා හැර එම මුදල් අසරණ පවුලකගේ සතුට වෙනුවෙන් යොදවපු කතාවක් තමයි මේ විදියට අපිට දැනගන්න ලැබුනෙ.

මේ කතාවෙ කතා නායකයා, එහෙමත් නැත්තම් ප්‍රදීප් පොරවගම තමන් කරපු සත් ක්‍රියාව තමන්ගෙ මුහුණු පොතට එකතු කරලා තිබුනෙ මේ විදියට.

මගේ බිරිදත් මාත් අපේ විවාහ උත්සවය සංවිධානය කරන විට අපේ ප්‍රධාන අරමුණ උන‍ෙ පුළුවන් තරම් අඩු මුදලක් වියදම් කරල අපේ විවාහය කරමු කියන එක, ඉතින් අපි වෙඩිමකට අවශ්‍ය ලට්ට පට්ට හැම දේම පුළුවන් තරම් අඩුවට තමා බැලුවේ, සමහර අයට හිතෙන් ඇති මුං පට්ට ලෝභයි කියලත්, හැබැයි ඉතින් අඩු වියදමින් උනත් අපි හිතුවටත් වඩා අපේ වෙඩිම ලස්සනට කෙරුනා ඒ අපේ චේතනාවේ පිරිසිදු කම නිසාම වෙන්න ඇති. ඇත්තටම අපිට ඕන වුනේ ඒ ඉතිරි වන මුදලින් අසරණ පවුලකට ගෙයක් හදල දෙන්න. අපි එදා බලාපොරොත්තු වුන ඒ සොදුරු සිතුවිල්ල අද අපිට කරගන්න පුළුවන් උනා.. හිතට දැනෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම්. ඇත්තටම එක දවසකට අධික වියදමක් කරල ගන්න වෙඩින් එකකින් යම් මුදලක් කපා හැරල මේ වගේ කටයුත්ක් කරන්න පුළුවන්නම් ඒ දැනෙන සතුට ජීවිත කාලය පුරාවටම දැනෙනවා. ඇත්තටම වෙඩින් එක දවසටත් වඩා අපි මේ පිංකමෙන් සතුටු වුනා. අද අපි නිසා මේ අසරණ පවුල සතුටින් ඉන්නවා, ඒ පොඩි ළමයින්ට හොද ආරක්ශාවක් ලැබෙනවා. නිවසක් සදා දෙනවා කියන්නේ දිවා රැ පිං වැඩෙන පිං කමක්.

ඇත්තමට අපිට මේ වගේ කටයුත්තක් කරන්න පුළුවන් වුනේ Shammi Manoj Swarnasiri මගේ ඒ සොදුරු මිතුරා සහ Chamila Pathirana අයියා ප්‍රමුඛ ගෞතම දරුවො සංවිධානය නිසා. ඔවුන් කරන ඒ සේවය නම් වචනෙන් කියන්න බැරි තරමට අති විශිෂ්ඨයි. අපි වැලිකන්දට ගිය පළවෙනි දවසෙම අපිට නිවාස අවශ්‍යතා ඇති පවුල් පෙන්වීමට පැමිනි නිශාන්ත අයියා ඇතුළු ගෞතම දරුවෝ කණ්ඩායමට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව සලසා දුන්නට.

YOU MAY ALSO LIKE