Monday, March 25, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රනිල්ට විශ්වාසය පළ කිරීම 117 කින් සම්මතයි - වඩිවෙල්ගේ සහ වසන්ත සේනානායකගේ සහයත් රනිල්ට

2941Views

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ජන්ද 117-0ක් ලෙස සම්මත වුවා.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් සිය ජන්දය ප්‍රකාශ කල අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වූ ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ සහ මනුෂ නානායක්කාරද මෙම යෝජනවාට පක්ෂව ජන්දය ලබා දෙනු ලැබුවා. එසේම වසන්ත සේනානායක සහ වඩුවෙල් සුරේෂ්ද රනිල්ට සහය ලබා දෙමින් ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

YOU MAY ALSO LIKE