Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ෆේස්බුක් සමාගමේ සියළු සේවකයින් හදිසියේම ඉවත් කරයි...! බෝම්බ බියක් නිසා ෆේස්බුක් සමාගම කැළඹුන හැටි..! (VIDEO)

1819Views

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ෆේස්බුක් සමාගමේ මූලස්ථායේ සේවකයින් ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඊයේ (11) රාත්‍රියේ ෆේස්බුක් සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ල ආශ්‍රිතව ඇතිවූ බෝම්බ බියක් හේතුවෙන් ආරක්ෂක අංශ එම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුනේ.

සේවකයින් ඉවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් එම ගොඩනැගිල්ල පරීක්ෂා කර ඇති අතර එහිදී සැක කටයුතු කිසිවක් හෝ පුපුරන ද්‍රව්‍ය කිසිවක් හමුවී නැහැ. ඒ අනුව නැවත සේවකයින් කැඳවා ෆේස්බුක් මූලස්ථානයේ වැඩකටයුතු පවත්වා ගෙන ගොස් තිබෙනවා.