Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අයුතු යෝජනාවට අකමැති වූ විවාහක කාන්තාවගේ 63 පළකට පිහියෙන් ඇනලා - දෙදරු පියා කළ අමානුෂික ක්‍රියාව පොලිසියේදී පිළිගනියි

3134Views

දිවුලපිටිය මරඳගහමුල කැලෑ පිටිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල  විවාහක කාන්තාවකට පිහි පහරවල් 63 එල්ලකර අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වඩුගේ දුලීකා සංජීවනී ලිවේරා නමැති  44 හැවිරිදි කාන්තාවක්. ඝාතනය කළ කාන්තාවගේ නිවස ආසන්නයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකු විසින් කරන ලද අයුතු යෝජනාවකට අකමැත්ත පළ කිරීම හේතුකොට ගෙන ඇය ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 35 හැවිරිදි දෙදරු පියා දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම ඝාතනය සිදු කිරීමට පෙර කිහිප අවස්‌ථාවකදී මරණකාරියගේ නිවසට ගොස්‌ ඇයට බලපෑම් කර තිබූ බවද පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබුණා. ඒ අනුව සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී  සැකකරු විසින් එම ඝාතනය සිදුකළ බවට පිළිගෙන ඇති බවත් පෙර අවස්‌ථාවක වූ අමනාපයක්‌ හේතුවෙන් එම ඝාතනය සිදු කළ බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂය මීගමුව මහ රෝහලේදී  පැවැත්වූ අතර ඇයගේ සිරුරේ පිහි ඇනුම් තුවාල 63 ක්‌ ඇති බවත් එයින් 44 ක්‌ බරපතළ තත්ත්වයේ ඒවා බවත් මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. කේ. විඡේවර්ධන මහතා නිගමනය කර තිබෙනවා. එසේම මිය යැමට පෙර හෝ පසුව මරණකාරිය දූෂණයට ලක්‌ වූයේද යන්න නිගමනය කිරීම සඳහා තවදුරටත් වෛද්‍ය පරීක්‍ෂණ සිදුකරන බවයි රෝහල් අරංචි මාර්ග සඳහන් කරන්නේ.