Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සා.පෙළ අවසන් කර චන්ඩිකම් පෙන්නූ සිසුවියක් අත්අඩංගුවට...! කළහා කළ තවත් සිසුන් පොලිසියේ අතටම මාට්ටු වුන හැටි..! (VIDEO)

11079Views

පසුගිය තුන්වනදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (12) අවසන් වීමෙන් අනතුරුව කළහකාරීව හැසිරුණු සිසුන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. විභාගය අවසන් වීමෙන් පසු කළහකාරීව හැසිරෙන සහ රාජ්‍ය දේපළවලට හානි කරමින් කටයුතු කරන විභාග අපේක්ෂකයින්ට දැඩි දඩුවම් ලබාදෙන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් ද නිකුත් කර තිබූ අතර ඒ පිළිබඳවද සැළකිල්ලක් නොදක්වමින් අත්අඩංගුවට ගත් සිසුන් කටයුතු කර තිබුණා.

එසේම  සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ඉන් පිටතට පැමිණි  සිසුවියන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් සිසුවියක් රෝහල් ගතකිරීමේ පුවතක්ද කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර අදාළ සිසුවියන් දෙදෙනා අතර තිබූ පුද්ගලික ප්‍රශ්නයක් ගැටුමට හේතුවී ඇති බව සඳහන් වන අතර පහරදීම සිදුකළ සිසුවිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුනේ.

තවද තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විභාග මධ්‍යස්ථානයක් අසළ තියුණු ආයුධයක් ළඟ තබාගෙන සිටි 18 හැවිරිදි තරුණයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර විභාගයට මුහුණ දී නැවත පැමිණෙමින් සිටින අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් නිල් ගසාගත් සිසුන් කිහිප දෙනෙකුද පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලා හරහා හුවමාරුවෙමින් පවතිනවා.

YOU MAY ALSO LIKE