Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පොලිස් අත්අඩංගුවේදී මිය ගිය පුද්ගලයා නිසා කටුවන උණුසුම් වෙයි - පොලිසියේ දේපල වලට හානි වෙද්දී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්..! (VIDEO)

1715Views

කටුවන ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලීම සදහා ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ බව කියන පහර දීමකින් ඊයේ (12) දින වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ මත්පැන් පෙරෙන ස්ථානය පෙන්වන මෙන් බලකරමින් පොලීසිය ඔහුට පහරදී ඇති බවයි විරෝධතාවේ නිරත වූ පිරිස් ප්‍රකාශ කළේ.

මෙම සිද්ධිය සැලවීමත් සමග  කුපිතවූ ප‍්‍රදේශවාසීන් විසින් පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර ප්‍රදේශයේ මාර්ග වල ටයර් ද පුළුස්සා විරෝධතාවයේ යෙදී තිබෙනවා.මේ හේතුවෙන් පොලිසියේ දේපළ වලටද හානි සිදුවී ඇති අතර  අමතර ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ අවට පොලිස් ස්ථාන වලින් අතිරේක නිලධාරින් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ කලහකාරී හැසිරීමත් සමඟ  කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට රැස්ව සිටි පිරිස විසුරුවාලීමට පොලිසිය පියවර ගත් බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වුනේ.