Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රටම බලා සිටි නඩු තීන්දුව අද හවසට - තීන්දුව ගැන ලොකු ලොකු ගණන් වලට රට වටේම ඔට්ටු තබයි..!

3527Views

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන  ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13)  පස්වරු 4.00 ට ලබා දීමට නියමිත බව වාර්තා වනවා.

පසුගිය 07 වනදා අවසන් වුනු අදාළ නඩු විභාගයේ තීන්දුව ලබා දෙනතුරු බොහෝ දෙනා දැඩි අවධානයෙන් සිටි අතර අදාළ තීන්දුව ලබා දෙන බවට ප්‍රකාශ වීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පුද්ගලයින් අදාල තීන්දුව සම්බන්ධයෙන් ඔට්ටු තබමින් සිටින බව නෙත් ගොසිප් වෙත වාර්තා වනවා. 

ඒ අනුව  සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයින් විවිධ මිළ ගණන් යටතේ ඔට්ටු තබමින් සිටින බවයි සඳහන් වන්නේ.

 

 

YOU MAY ALSO LIKE