Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ජනපතිගේ ක්‍රියාව නීතිවිරෝධීයි" රටම බලා සිටි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් වේ!

4292Views

පාර්ලිමේන්තුව විසුරවීමට ජනපතිවරයා ලබා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම්හි තීරණය මීට සුලු වේලාවකට ප්‍රථමව ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා.

ඒ අනුව ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීම නීතිවිරෝධි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ලබා දුන්නා. අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග වූ අතර සත්විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය අනුව මෙලෙසින් ජනපතිවරයාගේ ක්‍රියාව නීතිවිරෝධි බවට තීරණය කෙරුනා. 

මේ අනුව පාර්ලිමේන්තුව විසුරවීමට ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වීමට නියමිතය. කෙසේ වෙතත් අධිකරණ නියෝගයත් සමග ජනපතිවරයාගේ ඉදිරි තීරණ මෙතෙක් ප්‍රකාශ වී නොමැති අතර බොහෝ දුරට ඉදිරියේදි ජනමත විචාරයකට ගොස් මැතිවරණයක් ලබා ගැනීම මැතිවරණයක් උදෙසා සටන් කළ කණ්ඩායමේ මීළග සැලසුම බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.