Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

40 වසරක සේවයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර විශ්‍රාම යයි

5091Views

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කළේය.

අද (14) ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අසුන් ගනු ලැබුණු අතර, විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නිවේදනය කර සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලයේ නිමවා අද දින විශ්‍රාම ගනු ලබන බවත් මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවද විනිසුරු අලුවිහාරේ මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් මහතා විනිසුරු වනසුන්දර මහත්මිය වෙත සිය ප්‍රණාමය පුදකරන අතර වසර 40ක සේවා කාලය තුළ ඉටු කළ මෙහෙවර පිළිබඳව ඇගයීමට ලක්කරන බවද කියා සිටියේය.

වනසුන්දර විනිසුරුවරියට සුවදායි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. සෙසු නීතිඥවරුන් ද විනිසුරු වනසුන්දර විනිසුරුවරිය වෙත සිය සුභපැතුම් පළකර සිටියේය.