Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එජාපයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

10470Views

මහින්ද රාජපක්ෂ මහතාගේ අභියාචන පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය ගොණුකළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණයේදි අද (14) විභාගයට ගැණෙනවා.