Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකා ක්‍රිකට් උඩු යටිකුරු වෙයි..නායකත්වය මාලිංගට, උපනායකත්වය දික්වැල්ලට - ජනපති අනුමැතිය දෙයි

5962Views

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි 20 නායකයා ලෙස ලසිත් මාලිංග පත්කොට තිබෙනවා.උපනායකයා ලෙස නම් කොට තිබෙන්නේ නිරෝෂන් දික්වැල්ලයි.

නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංගත්,උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් කටයුතු කෙරනු ඇතියි.

එම තරංඟ සංචාරයට සහභාගි වන කණ්ඩායම මේ වන විට නම් කර ඇති අතර ක්‍රීඩා අමාත්‍යධූරයේ කටයුතු සඳහා අතුරු තහනම් නියෝගයක් ලැබී ඇති හෙයින් ජනපති විසින් සංචිතයට අනුමැතිය දී තිබේ.

එමෙන්ම කලකට පසු අසේල ගුණරත්න හා  සීක්කුගේ ප්‍රසන්න නැවතත් කණ්ඩායමට කැඳවා තිබිම විශේෂත්වයකි.

සම්පූර්ණ  ශ්‍රී ලංකා සංචිතය මෙසේය - ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ණුවන් ප්‍රදීප්, ළහිරු කුමාර