Monday, March 25, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සම්බන්ධන්ගේ, අනුර කුමාරගේ පට්ටම් ගැලවේ - පාර්ලිමේන්තුවේ වෙනසක්!

5294Views

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්ව නව ආණ්ඩුවක් පිමිටුවීමත් සමගින් විපක්‍ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

එහිදී විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබීමේ විශාල ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම යෝජනා වී තිබෙන බව කියවේ.

ඒ අනුව දෙමල ජාතික සන්ධාන නායක සම්බන්දන්ට දැනට දරන විපක්‍ෂ නායක ධුරය අහිමි වී යනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්ත්වේ බහුතරය පෙන්වීම වෙනුවෙන් ආර් සම්බන්ධන්ගේ දෙමළ ජාතික සන්ධානයද සිය මනාපය භාවිතා කළේය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට ඔහු දරනා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයද අහිමි ව වනු ඇත.

YOU MAY ALSO LIKE