Monday, March 25, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ප්‍රවේශමෙන්වත් පරිහරණය කරන්න එපා….! මේ දවස්වල හැම තැනම ඇහෙන මේ කතාව මොකක්ද? (VIDEO)

7180Views

සාමාන්‍යයෙන් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා කියන්නෙ ටිකක් භයානක හෝ  භාවිතයයේදී යම් කිසි ආකාරයක අනතුරක් ඇති වෙන්න පුළුවන් දේකට. හැබැයි මේ දවස් වල ප්‍රවේශමින්වත් පරිහරණය කරන්න එපා කියලා කතාවක් හැම තැනම ඇහෙනවා. මේ විදියට ප්‍රවේශමින්වත් පරිහරණය කරන්න එපා කියන්නෙ ඒ දේ කොයිතරම් භයානකද නිසාද කියන එක ගැන බුද්ධිමත් ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ.

සාමාන්‍යයෙන් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියන කොටම ඔබට මතක් වෙනවා ඇත්තෙ පළිබෝධනාශක ප්‍රවර්ධන දැන්වීමක් වගේ දෙයක් ගැන වෙන්න පුළුවන්. කොහොම වුනත් මේ කියන්න යන්නෙ එහෙම දෙයක් ගැනනම් නෙවෙයි. මේ හරිම දේ තෝරගත්තෙ නැත්තන් ඊටත් වඩා භයානක දේවල් වලට මුහුණ දෙන්න වෙන දෙයක් ගැන. ඒ නිසා තමයි ප්‍රවේශමින්වත් පරිහරණය කරන්න එපා කියලා කියන්නෙ.

ගොඩක් දෙනා තමන්ගෙ රථ වාහන වලට අමතර කොටස් එකතු කරද්දි ලැබෙන සුළු වාසිය ගැන හිතලා කිසිඳු ප්‍රමිති සහතිකයක් හෝ වගකීමක් නැති අමතර කොටස් මිලදී ගන්න පුරුදු වෙලා තියෙනවා. මේ හේතුව නිසා ඔබේ වාහනය විතරක් නෙවෙයි, ඔබේ ජීවිතයත් අනතුරේ වැටෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා තමයි ව්‍යාජ රථ වාහන අමතර කොටස් ප්‍රවේශමින්වත් පරිහරණය කරන්න එපා කියලා ඔබට කියන්නෙ.

වෙළඳ පොළෙන් spare parts මිලදී ගැනීමේදී ප්‍රධාන වශයෙන් spare parts කොටස් කිහිපයක් යටතේ වර්ග කර දක්වන්න පුළුවන්. ඒ අනුව තමන්ගේ වටිනා වාහනයට බයක් සැකක් නැතුව යොදාගන්න පුළුවන් spare parts මොනවද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්.

Genuine spare parts

වාහනයකට අමතර කොටස් යොදන්නේ නම් විශ්වාසයෙන්ම යෙදිය හැක්කේ Genuine spare parts පමණි. මෙම අමතර කොටස් ඔබේ වාහනය වෙනුවෙන්ම නිපදවා ඇති අතර එය මිලදී ගත හැක්කේ අදාල නිෂ්පාදිත සමාගමෙන් හෝ  එම සමාගමේ බලයලත් ආයතනයකින් පමණි.

ඩුප්ලිකේට් අමතර කොටස් (Duplicate spare parts)

Duplicate spare parts ජෙනුයින් අමතර කොටස්වල ස්වරූපයම ගත්තද එහි එකම වෙනස වන්නේ මිල අඩු වීමයි. ජෙනුයින් අමතර කොටස් වලට වඩා මෙහි මිල අඩු වුවද ගුණාත්මක භාවය අතින් පහළ බැවින් Duplicate spare parts යෙදීම සුදුසු නොවේ. මෙම spare parts නිසා ඔබේ වටිනා වාහනයට ඇතිවෙන ප්‍රශ්න නිසා ඔබට අනවශ්‍ය ප්‍රශ්න රැසකට මෙන්ම ඔබට ලැබුණු ලාභයට වඩා විශාල මුදලක් වැය විය හැකියි.

බජාජ් වාහන සඳහා නිරතුරුවම ඔබට වගකීමක් සහිතව Bajaj Genuine Spare Parts කොටස් ලබා දෙන්නේ David Pieris Motor Company Pvt Ltd පමණයි. Bajaj Genuine Spare Parts ඔබේ වාහනයට යොදා ගැනීම තුලින් ආරක්ෂාකාරීව රිය ධාවනය කර ඔබේ මෙන්ම ඔබේ ආරක්ෂාවද තහවුරු වේ. එසේම කාලාන්තරයක් තිස්සේ පවතින නිසා යළි යළිත් අමතර කොටස් එකතු කිරීමට අවශ්‍ය නොවන නිසා ඔබේ වටිනා මුදල්ද ඉතිරි වේ.

මේ වටිනා කරුණු ඔබට මතක් කළේ රථවාහන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම වන David Pieris Motor Company Pvt Ltd විසින්.

YOU MAY ALSO LIKE