Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මාලිංගට නැවතත් අයිපිඑල් වරම් - ක්‍රීඩක වෙන්දේසියේදි මුම්බායි පිල මාලිංගව මිලට ගත් මුදල මෙන්න

7530Views

ශ්‍රිලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ලසිත් මාලිංග 2019 අයිපිඑල් තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලට ගෙන තිබෙනවා.

ඒ අද (18) පැවති අයිපිඑල් ක්‍රීඩක වෙන්දේසියේදියි.

මුම්බායි කණ්ඩායම විසින් මාලිංගව මිලට ගෙන ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 2ක මුදලකටයි.

මාලිංග අයිපිඑල් තරඟාවලියේදි වසර ගණනක් මුම්බායි පිල නියෝජනය කළ අතර පසුගිය අයිපිඑල් තරඟාවලියේදි පන්දු යැවීමේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළා.