Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ලංකාවේ සල්ලි බලන්න පුලුවන්ද?" ලංකාවේ මිනිසුන් රවටා මුදල් ගරන්න විදේශිකයන්ගෙන් අලුත් උපක්‍රමයක්!

2449Views

විදේශිය යුවළක් විසින් ඉතා සුක්ෂම ලෙස වෙළඳසැල් හිමියෙක් රවටා රුපියල් ඵක්ලක්ෂ හතළිස්දාහක මුදලක් වංචා කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම විදෙස් යුවළ විසින් මුදල් නෝට්ටු නැරඹීමට බව පවසා මෙම වංචාව සිදු කර තිබෙන බවද වාර්තා වේ. පසුගිය දින (17) මාදම්පේ රක්වාන පාරේ වෙළඳ සැල් හිමියෙකු රවටා මෙම මුදල් ජාවාරම සිදු කර තිබෙන බව සදහන්. 

මෙම විදෙස් යුවළ තම වෙළඳසැලට පැමිණ කිරි පැකට්ටුවක් මිලදී ගත් බවත් පසුව රුපියල් දහසේ නෝට්ටුවක් තමාට ලබා දුන් බවත් එම වෙළඳසැලෙන් ඔවුන්ට ඩොලර් මාරැ කිරීමට හැකිදැයි බවත් තමාගෙන් විමසු වෙළඳසැල් හිමියා සිදුවීම පිළිබඳව පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබේ. ඉන්පසුව වටිනාකමින් වැඩි ශ්‍රි ලංකා මුදල් නෝට්ටු බැලීමට අවශ්‍ය බව පැවසු බවත් වෙළඳසැල් හිමිකරු පවසනවා.

පසුව තමා ණය මුදලක් ලෙස ලබාගත් රැපියල් ලක්ෂ පහක 5000 මුදල් නෝට්ටු විදේශිකයාට පෙන්නු බවත් ඔහු පිටව ගියපසු මුදල් නැවත ගණන් කිරිමේදි මුදල් අඩු වි ඇති බවත් වෙළඳසැල් හිමියා පොලීසියට පැමිණිලි කර තිබේ.

ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත අනුව ඉදිරි විමර්ශන සිදුකරන බවත් මෙම යුවළ පකිස්ථානු යුවළක් බවට සැක කරන බවත් රක්වාන පොලිසියේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේය.